අපේ නායකතුමා වැටුණේ රණවිරුවන්ගේ පාමුල... රණවිරුවන්ගේ පාමුල වැටෙන එක අපිට ලොකු අභිමානයක් - ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, සුපුන් ජයසිංහ
රණවිරුවන් සිහිකිරීම සඳහා පාර්ලිමේන්තුව අසල පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදුන් බව කියන සිද්දිය සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මේ ඒ සම්බන්දයෙන් එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුපුන් ජයසිංහ මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබුණා.
ඊයේ (මැයි 18) දින ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාවේදී, ආරක්ෂක අංශ විසින් ඊට බාධා කරමින් ඉඩ ලබා නොදීමට කටයුතු කර තිබුණි.
මෙම ක්‍රියාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින්, ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් අද (2026-05-19) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලය වෙත ගොස් මෙම නිල පැමිණිල්ල බාර දෙන ලදී.
"රට වෙනුවෙන් ජීවිතය පූජා කළ වීරෝධාර රණවිරුවන් සැමරීමට පුරවැසියන්ට ඇති අයිතිය අවහිර කිරීම බරපතළ තත්ත්වයක්. අපේ නායකතුමා වැටුණේ රණවිරුවන්ගේ පාමුල..රණවිරුවන්ගේ පාමුල වැටෙන එක අපිට ලොකු අභිමානයක්" යැයි පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, සුපුන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
අපේ නායකතුමා වැටුණේ රණවිරුවන්ගේ පාමුල... රණවිරුවන්ගේ පාමුල වැටෙන එක අපිට ලොකු අභිමානයක් - ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, සුපුන් ජයසිංහ
2026-05-20T06:39:00+05:30
Gossip Lanka Hot News






