ආර්ථිකය අනතුරේ... සජිත් හදිසියේ විපක්ෂයේ පක්ෂ කැඳවයි... වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය ඇතුළු ආර්ථික ගැටළු සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. රට නැවත වරක් භයානක ආර්ථික අනතුරකට මුහුණදෙන බැවින් විපක්ෂය එකමුතුව එක්වී ඇති බව සජිත් ප්‍රේමදාස පවසයි.
රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය, ඉහළ යන පිරිවැය පීඩන සහ වර්ධනය වන ආර්ථික අවිනිශ්චිතතාව සුළු ගැටලුවක් ලෙස සැලකිය නොහැකි බව X පණිවිඩයක් නිකුත්කරමින් ඔහු ප්‍රකාශ කරයි.
තත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විධිමත් ලෙස ඉල්ලා සිටීමට තීරණය කර ඇති බව සජිත් ප්‍රේමදාස තවදුරටත් සඳහන් කරයි.
මේ අතර ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක්ද කැඳවා තිබිණි.
මේ පුවත තව අයට බලන්න
ආර්ථිකය අනතුරේ... සජිත් හදිසියේ විපක්ෂයේ පක්ෂ කැඳවයි... වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි
2026-05-22T07:25:00+05:30
Gossip Lanka Hot News






