gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ගමන ගැන වුල්වර්හැම්ප්ටන් සරසවියේ තොරතුරු නිල වශයෙන් ගන්නැයි නීතිපති CIDට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය සම්බන්ධ තොරතුරු, අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ විධිමත් ලෙස ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ, 2002 අංක 25 දරන අපරාධමය කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත ප්‍රකාරව අදාළ තොරතුරු ලබාගැනීමට විධිමත් අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසයි.

මෙම නඩුව මේ සතියේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු උපදෙස් ලිපිය අධ්‍යයනය කර ඉදිරි පියවර පිළිබඳව අධිකරණය දැනුවත් කරන බවයි.

අදාළ පනත යටතේ නිල වශයෙන් ඉල්ලා සිටින තොරතුරු, මීට පෙර තැපැල් මාර්ගයෙන් එම විශ්වවිද්‍යාලය මගින් ලබාදී ඇති බවත්, එම තොරතුරු දැනටමත් තම දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම, විමර්ශනයට භාජනය වී ඇති මෙම බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ලබාගත් ප්‍රකාශයට අදාළ විස්තර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka