ඇමති දුවක් PHD කරන්න එංගලන්තයට.. ඉදුම් හිටුම් ඩයස්පෝරා ලොක්කෙකුගෙන්..
දකුණු පලාත නියෝජනය කරන වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක ආචාර්ය උපාධිය (PhD) හැදෑරීම සඳහා එංගලන්තයට ගොස් සිටින බවත්, ඇය එහිදී ලැගුම් ගෙන සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල සාමාජිකයෙකුගේ නිවසේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ ශිෂ්‍යාව අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවෙකු බැවින් ඇයගේ අනාගතය පිළිබඳ සලකා මෙම අවස්ථාවේදී ඇයගේ හෝ අමාත්‍යවරයාගේ නම පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ කිරීමට තමන් අදහස් නොකරන බවයි.
කෙසේ වෙතත්, මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන්ගේ මෙවැනි හැසිරීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
-lankacnews
ඇමති දුවක් PHD කරන්න එංගලන්තයට.. ඉදුම් හිටුම් ඩයස්පෝරා ලොක්කෙකුගෙන්..
2026-05-19T23:16:00+05:30
Gossip Lanka Hot News






