gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පල්ලේගම හිමි බලය පදනම් කරගෙන විමර්ශන දියාරු කරයි? සියල්ල හෙළිවෙයි

බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් ද නියම කළේය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි විදේශ ගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට සැකකාර හිමිට තරයේ අවවාද කළේය.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප කොන්දේසි කඩ කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

මුදලට තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල ලබාදුන් බව කියන මවට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට ද විදේශගත වීම තහනම් කළේය.

අත්අඩංගුවට ‌‌ගෙන බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඊයේ (22) මෙලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන කටයුතු අවසන්ව ඇති බවත්, විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යවා ඇති බවයි.

සැකකාර පල්ලේගම හේමරතන හිමි ‘තමන්ව දූෂණය කළ’ බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බව, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීනීඥ සජීවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළාය.

හිමිනම විසින් තමා අපයෝජනයට ලක් කරන ලද බව කියන ස්ථානය අදාළ ආවාස ගෙයෙහි වමට දකුණට හැරී ගොස් දැරිය නිශ්චිතව පෙන්වා දී ඇති බවත් අදාළ කාමරය තුළ තිබූ භාණ්ඩ දැරිය එලෙසම හඳුනා ගත් බවත් හිමිනම දැරිය සමග ලිංගිකව එක්වීමෙන් පසුව ශුක්‍රාණු පිස දැමූ පාපිස්සක් වැනි යමක් ද දැරිය පෙන්වූ බවද නීනීඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බවට තහවුරු වී ඇති බවත් දැරියට දීර්ඝ කාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිළිබඳව පැවැත්වූ ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බවද නීනීඥ සජීවනී අබේකෝන් අවධාරණය කළාය.

හිමිනම සහ දැරිය අතර දුරකතන සංවාද 84ක් සිදුව ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇති බවත් ආගමික බලයෙන්, දේශපාලන බලයෙන් සහ ධන බලයෙන් සපිරි මෙවැනි ප්‍රබල හිමිනමකට දුරකතන ඇමතුම් ලබා ගැනීමට තමන් සමග සාමාන්‍ය ජනතාවට හැකියාවක් පවතින්නේ දැයි නීනීඥ සජීවනී අබේකෝන් ප්‍රශ්න කළාය.

දැරිය අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව රුධිරය සහිත දැරියගේ යට ඇඳුම් වළ දමා තිබියදී සොයා ගත් බවත් මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම කල් මරමින් උන්වහන්සේට නිදැල්ලේ වැඩ සිටීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී සිටි බවද නීනීඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

අදාළ විමර්ශන වලදී පොලිසිය මේ දක්වා දැරියගේ වීඩියෝ සාක්ෂි පවා ලබාගෙන නැති බවත් සිද්ධියට අදාළ සමස්ත විමර්ශන ක්‍රියාවලියේදී පොලිසිය නීතිය අපගමනය කරමින් නීතියට පයින් ගසා ඇති බවද නීනීඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

හිමිනම මෙම අපරාධය සිදුකළ බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසීම් කළද, ඔහු ද ඊට නිසි පිළිතුරක් ලබා නොදෙමින් කල් මරමින් සිටි බවද නීනීඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

හිමිනමට පවතින මුදල් බලය, ආගමික බලය, නිල බලය පදනම් කරගෙන මෙම සිද්ධියට අදාළ විමර්ශන දියාරු කිරීමට පොලිසිය මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බවත් රාගය, ද්වේශය, මෝහය තුරන් කරන බවට පැවිදි දිවියට පිවිසි සැකකාර හිමිනම රාගය, ද්වේශය සහ මෝහයෙන් මුසපත්ව බුදු දහමට එරෙහිව ක්‍රියා කොට ඇති බවද නීනීඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

බුදුන් වහන්සේ සුනීත, සෝපාක වැනි අයට මහා කරුණාවෙන් සැලකුවද, සැකකාර හිමිනම වින්දිත බාලවයස්කාර දැරියට සලකා ඇත්තේ කෙසේ ද.? යන්න පිළිබඳව මෙම සිද්ධි දාමය තුළින් මනාව පැහැදිලි වන බවත් හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කළ විගස මීට පෙර නොතිබූ හදිසි අසනීප තත්ත්වයක් පැන නැගී ඇති බවද නීතීඥවරිය සඳහන් කළාය.

හිමිනමට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති බවත් උන්වහන්සේට ඇත්තේ, වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට වැළඳෙන නිදන්ගත රෝග බවත් එම දැරිය සිය පෙම්වතා සමග අත්අඩංගුවට පත් නොවූයේ නම් මෙම අපරාධය තවමත් රහසක් බවට පත්වන්නට ඉඩ තිබූ බවද නීතිඥවරිය සඳහන් කළාය.

හිමිනමට පවතින ආගමික සහ සමාජ බලය මත බොහෝමයක් මාධ්‍ය ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් ආගමික නායකයින්ට දණ්ඩනීති සංග්‍රහය බලපාන්නේ නැද්ද.? මෙම සිද්ධියේදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී නිසි නීතිමය ක්‍රමවේදය යටතේ කරුණු වාර්තා කර නොමැති බවද නීතිඥවරිය සඳහන් කළාය.

එම දැරියගේ මව තම බාලවයස්කාර දියණිය දූෂණය කිරීම සඳහා සැකකාර හිමිනමට මුදලට අලෙවි කළේ නම් දැරිය ‘දූෂණය කිරීමට’ සැකකාර හිමිනම මුදලට ලබා ගැනීම වරදක් බවත් එහෙත් එවැන්නක් පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බවද නීතිඥවරිය සඳහන් කළාය.

මේ අතර පැවති නඩුවාරයේදී පොලිස් විමර්ශකයන්ට චෝදනා රැසක් එල්ල කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පෙන්වා දෙනු ලැබුවේ,  පොලිස් විමර්ශන අවසන් කියා නීතිපතිට යන ලද ගොනුව අසම්පූර්ණ බවයි.

එහිදී ඩීඑන්ඒ විමර්ශන අසම්පූර්ණ බවත් දැරිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතුළත් කළයුතු චෝදනා ද චෝදනා පත්‍ර වෙත ඇතුළත් කර නොමැති බැවින් මේ සම්බන්ධ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මාරු කරන ලෙස ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය විසින් වැඩිදුරටත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka