gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට එක්සේසත් කළ රණවිරු සැමරුමට පැය 24යි… කොටි පරාජයට කැපවූ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය ගලවා දමයි…!

කිසිවෙකුට හෝ පරාජය කළ නොහැකි බව පැවසූ ත්‍රස්තවාදයක් පරාජය කර එම සැමරුමට පැය 24ක් තිබියදී එකී යුද ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරද ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

බලහත්කාරයෙන් ලබාගන්නා ලද සාක්ෂියක් වෙනුවෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අල්ලස් කොමිසමට කැඳවූ නමුත් ජනාධිපතිවරයා විසින් මුලින්ම පරීක්ෂණයක් කළ යුත්තේ බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගත් නිලධාරියා සම්බන්ධයෙන් බවද ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් රණවිරු සැමරුම් මාසය එන විට විවිධාකාරයෙන් මර්දනය පැමිණෙන බව දන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. එහෙත් ජනාධිපතිවරයාගේ සැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දැකගැනීමට හැකි වූ බවද මන්ත්‍රීවරයා පැහැදිලි කරයි.

මේ අතර තමන්ගේ පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයට ආණ්ඩුව එක්ක කතා කර ප්‍රශ්නයක් විසඳා ගැනීමට නොහැකි නම් ඒ ගැන ආණ්ඩුව මෙන්ම ශිෂ්‍ය සංවිධානයද ලැජ්ජා විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ආණ්ඩුව වැඩ බැරිවෙන විට මර්දනයට යාමට සූදානම් වන බව මන්ත්‍රීවරයා තව දුරටත් චෝදනා කරයි.

නාමල් රාජපක්ෂ මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (17) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

උපුටා ගැනීම : emanisa
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka