gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මියගිය මහ බැංකු නිලධාරියාට අපහාස කරන්නන්ට එරෙහිව ඉදිරියේදී පවුලේ පිරිස නීතිය හමුවට එනවා – ඇමති නලින්ද ජයතිස්ස

මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේදී මරණයට පත් නිලධාරියාගේ නමට හානිදායක ලෙස ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දානමය පින්කම්වලින් පසු නීතිමය පියවර ගැනීමට ඔහුගේ පවුලේ උදවිය සූදානමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති ඩොලර් මිලියන 2.5 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමිනි.

“මුදල් අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් වාර්තා වීමෙන් පසුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. එදාම තාක්ෂණ විමර්ශන කමිටුවක් පත් කරනවා. ඒවා කිසිම දෙයක් නොදැන තමයි මේ විපක්ෂය කෑගහන්නේ. අප්‍රේල් 10 වැනිදා කමිටු වාර්තාව ලැබෙනවා. අප්‍රේල් 22 වැනිදා තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂය තොරතුරු දන්නේ. අපි ඒ වන විට පරීක්ෂණ සඳහා සියලු තොරතුරු අදාළ ආයතනවලට ලබා දී තිබුණා. මේ අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් පියවර ගනිමින් අපි හිටියේ. අපි ඒ කළ දේවල් ගැන මේ විපක්ෂයට හිතාගන්නවත් බැහැ. මූල්‍ය විශ්වාසනීයත්වය හදන්න අපි හැමවිටම කටයුතු කරනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ අහිමි වූ මුදල් සම්බන්ධයෙන් ද අපි සොයා බලමින් සිටියා. ඒ ගැන වගකීමක් ඇතිව පරීක්ෂණ කරනවා. ගැඹුරින් ඒ ගැන හොයා බලනවා. සයිබර් අපරාධකරුවන්ගේ මැදිහත්වීම් විටින් විට සිදු වීමට ඉඩ තිබෙනවා. ඒවාට මුහුණදීමට අපේ යන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ඩොලර් මිලියන 2.5 සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. ජේඑම්ඕ වාර්තාව අපට ලැබුණා. මියගිය පුද්ගලයාගේ තවත් පරීක්ෂණ වාර්තා ලැබෙන්න තිබෙනවා. මේ මරණය සම්බන්ධයෙනුත් විවිධ සැක සංකා හදන්න විපක්ෂය උත්සාහ කරනවා. පැමිණිල්ල කළේ මේ නිලධාරියා කියලා විපක්ෂය කීවා. එය බොරුවක්. පැමිණිල්ල කළේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයායි. මරණයට පත් වූ නිලධාරියාගේ පවුලේ උදවිය මේ මරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්න සූදානම්. ඒ පවුලේ උදවිය විපක්ෂයේ බොරුකීම්වලට කම්පනයට පත්වෙලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද්විත්ව පුරවැසියෙක් කියලා කියනවා. පුළුවන් නම් ඔප්පු කරන්න. බොරු සිද්ධි ජනගත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. විපක්ෂයේ හැසිරීම නිසා මේ ගැටලුවට විසඳුම් සොයන්න නෙමෙයි වෙන්නේ, තවත් අවුල් කිරීමක් තමයි වෙන්නේ. සයිබර් ආරක්ෂණය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka