මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ දේපළ දුම්රිය දෙපාර්තමේන්තුවට!
වසර විස්සකට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද පදනමේ නිෂ්චල සහ චංචල දේපළ සියල්ල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව ඊයේ (02) දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම මහින්දානන්ද පදනමේ ලේකම් චාමික ධර්මතිලක විසින් සිදු කරන ලදී.
මේ පුවත තව අයට බලන්න
මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ දේපළ දුම්රිය දෙපාර්තමේන්තුවට!
2026-05-03T07:07:00+05:30
Gossip Lanka Hot News






