අනුරාධපුරය වැනි දුෂ්කර ප්‍රදේශවල අවුරුදු 10,12 වයස්වල දැරියන් දූෂණය වීම සාමාන්‍ය දෙයක් - පල්ලේගම හේමරතන හිමියන් ගේ නීතිඥයා කියයි
අනුරාධපුරය වැනි දුෂ්කර ප්‍රදේශවල අවුරුදු හත, අට, දහය, දොළහ වැනි වයස්වල දැරියන් දූෂණය වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බවත් ඒවාට නැති විරෝධයක් අටමස්ථානාධිපති හිමියන්ට එල්ල වන්නේ උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් නිසා බවත්, මෙම විරෝධය තුළ ඇත්තේ සිදුවීමට ඇති විරෝධයට වඩා බෞද්ධ විරෝධයක් බවත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු පවසයි.
ඒ නිසා ජනාධීපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සමග නීතිඥවරු හතළිහකට වැඩි පිරිසක් සැකකාර භික්ෂුව වෙනුවෙන් පෙනී සිටි බවත් ඔහු පැවසීය.
මහේස්ත්‍රාත් අධිකරණය යනු නඩු විභාග කර වැරදිකරුවන්ට දඬුවම් දෙන අධිකරණයක් නොවන බවත් ළමා අපයෝජන චෝදනාවකදී මහේස්ත්‍රාත් අධීකරණයකින් ඇප ලබා දීම සාමාන්‍ය නීතිය බවත් ඇප ලබා නොදීම ව්‍යාතිරේකයක් බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
උපුටා ගැනීම : facebook
අනුරාධපුරය වැනි දුෂ්කර ප්‍රදේශවල අවුරුදු 10,12 වයස්වල දැරියන් දූෂණය වීම සාමාන්‍ය දෙයක් - පල්ලේගම හේමරතන හිමියන් ගේ නීතිඥයා කියයි
2026-05-23T07:32:00+05:30
Gossip Lanka Hot News





