gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දූෂණ චෝදනා එල්ලවූ වෛද්‍ය මහේෂිට අධිචෝදනා 125ක් දානබව අල්ලස් කොමිසම කියයි

ශල්‍ය උපකරණ ඉහල මිල ගණන් වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේයැයි චෝදනා මත දැනට ඇපමත මුදාහැර සිටින ශ්‍රී ජයවර්ධන රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්නට මහත්මිය පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබදව ජුනි 5 වැනිදා සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙ එස්. බෝදරගම මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

සිද්ධියට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත මහතා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස කියා සිටියේය.

වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්නට ජුනි 14 සිට ජුලි 16 දක්වා විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත සඳහන් කර සිටියේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ විරෝධත්වය පළ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර සිටියේ මෙම සැකකාරිය සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි සීයයකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම සැකකරියට එරෙහිව 125 ට අධික අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බවද අල්ලස් කොමිසම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල නියෝගය ලබාදීමට දින නියම කළේය.

ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා. EVD හා VP shunt යන ආයිත්තම වාර්ෂික ඇස්ත මේන්තුවට ඇතුළත් නොකර රෝහල් කාර්ය මණ්ඩලය හා ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් යටතේ පාලනය වූ බාහිර ආයතනයක් මගින් එම ආයිත්තම ලබා ගැනීමට උපදෙස්දීම තුළින් රෝහලට මෙන්ම රෝගීන්ට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගත්තේය.

පසුව ඇයව ඉකුත් ජුනි 17 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඉන් පසු ඇපමත මුදා හැරියේය.

දොස්තරවරිය ජීවිත බිල්ලට තබා මෙලෙස මුදල් වංචා කරලා

මීට පෙර නඩු වාරයකදී, සිද්ධියට අදාළ සැකකාරිය පුද්ගලයන්ගේ ජීවිත බිල්ලට තබා මෙලෙස මුදල් වංචා කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අධ්‍යක්ෂ නීති අනූෂා සම්මන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දැක්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය එහිදී කියා සිටියේ.

” ස්වාමීනි මෙම සිද්ධියට අල්ලස් කොමිසම විසින් මෙම සැකකාරිය  එන්.එම්.එන්  ආයතනය හරහා මෙම ආයිත්තම් දෙක විකිණීම සම්බන්ධව මීට පෙර කරුණු දක්වලා තියෙනවා. නමුත් ස්වාමීනි කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මෙම ආයතනයට අමතරව හීලිස් නැමැති ආයතනයක් හරහා සිද්ධියට අදාළ වෛද්‍ය උපකරණ අලෙවි කිරීමට කටයුතු කළ ඇති බවට රෝගීන්ගෙන් ලබාගත් ප්‍රකාශ වලින් තහවුරු වෙලා තියෙනවා.

” ස්වාමීනි ඊලිස් මෙඩිකල් සෙන්ටර් ආයතනය ශර්මා කුමාරි රුද්ද්‍රිගෝ නැමති අය විසින් ආරම්භ කළ ඇති බවත් ඇය එසේ එය ආරම්භ කර ඇත්තේ පළවෙනි සැකකාරිය වන මෙම වෛද්‍යවරියගේ කීමකට බව සිද්ධියට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙනවා, එම ශර්මා කුමාරි නැමැතියගෙන්  අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ ලබා ගැනීමට ගිය අවස්ථාවේදී පළමුවන සැකකාරියගේ බලපෑම මත   නිවරදි තොරතුරු ලබා දි තිබුණේ නැහැ”

“ස්වාමීනි, මෙම සැකකාරියගේ බැංකු ගිණුම් කුරුඳුවත්ත පෞද්ගලික බැංකුවක තිබී සොයාගෙන තිබෙනවා. එම බැංකු ගිනිමේ සඳහන් කරලා තියෙන්නේ ඉහත වෛද්‍ය අයිතම් දෙක ගැන, ස්වාමීනී මෙම ශර්මා කුමාරි  ආරම්භ කරන ලද ඊලිස් මෙඩිකල් සෙන්ටර් පෞද්ගලික ආයතනයට මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරුවනේ ඉන්දික නමැත්තා යටතේ මුදල් සම්බන්ධ කටයුතු සිදු කර තිබෙනවා. එන්.එම්.එන් ආයතනය සම්බන්ධව පළමුව ප්‍රකාශ ලබා දුන්නේ චාමණ සම්පත් නමැත්තෙක් . ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2023/9/5 දින අනාවරණය වීමත් සමඟ එම ආයතනයේ කටයුතු හීලිස් නමැති ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යාමට කටයුතු කර තිබීමෙන් පැහැදිලි වෙනවා මෙම සැකකාරිය වංචනික ලෙස ක්‍රියා කළ ඇති බව. ස්වාමීනි චාමර සම්පත් විසින් පළමු පැමිණිල්ල කරන ලද අවස්ථාවේදී නීතිඥවරයක සම්බන්ධධ කර එය සමථයකට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. යනුවෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි මහත්මිය සඳහන් කළාය.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි  සහකාර අධ්‍යක්ෂක නීති අනූෂා මහත්මිය තවදුරටත් සඳහන් කර සිටියේ, ස්වාමීනි අපට ලැබී තිබෙන චෝදනාවක් තමයි වෘත්තියකට එරෙහිව අපි දෝෂ සහගත ලෙස මෙම විමර්ශනය සිදු කරන බව. ස්වාමීනි අපි යුක්තිය හිටි කිරීම වෙනුවෙන් විමර්ශනය සිදු කරනවා මිස දෝෂ සහගත ලෙස කිසිම ක්‍රියාවක් සිදු කරන්නේ නැහැ. මෙය ස්වාමීනී භාණ්ඩ සමග කරන වංචාවක් නොව අහිංසක මිනිස් ජීවිත සමග කරන වංචාවක් මේ ඉතා සංවේදී විමර්ශනයක්. ස්වාමීනි අපට සමාජ මාධ්‍ය තුළ, මාධ්‍ය තුළ ජනප්‍රිය වීමට කිසිම අවශ්‍යතාවයක් නෑ මේක අපි සත්‍ය සාක්ෂි ඔප්පු කරලා කරන ලද විමර්ශනයක්. එම නිසා ස්වාමීනි පැමිණිලි පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද සලකා බලා සුදුසු නියෝගයක් ලබා දෙන්න යනුවෙන් අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරි සිද්ධියට අදාළ සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

මහේෂි කවුද?

හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වරදකරු වී මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හාරත ලක්ෂ්මන් සමග ඇති වූ ගැටුමදී වෙඩි වැදීමෙන් සිදු වූ හානියට ප්‍රතිකාර කර ඇත්තේ ද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂිය.

එසේම, මීට පෙර කොළඹ තරු පන්තියේ හෝටලයකදී කාන්තාවකට විදුරු කටුවලින් ඇණ තුවාල සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2015 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද මාධ්‍ය වාර්තාකර තිබේ.

මේ නඩුව ඔක්තොබර් 28 වැනිදා යළි කැඳවීමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka