gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩාගාර කොල්ලය කලේ හිරේ ඉන්න චීන්නුදැයි සොයයි..

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අවභාවිත වීමේ සිද්ධිය සහ මෙරට රැඳී සිටිමින් අන්තර්ජාල මුදල් වංචාවල නිරත වූ විදේශිකයන් 120 දෙනෙකු අතර සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳව වැලිකඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින් පොලිසිය මේ බව අනාවරණය කළේය.

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක දැඩි ආරක්ෂිත රැකවල් මැද්දේ අන්තර්ජාල වංචාවල නිරතව සිටි විදේශිකයන් පිරිසක් පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

රටවල් පහකට අධික ප්‍රමාණයක විදේශිකයන් 120 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට පත් වූ අතර, රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් මුදල්, පරිගණක සහ තවත් උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණි.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාවට මෙම පිරිස සම්බන්ධ දැයි සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විමර්ශන අවසන් වන තෙක් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පුද්ගලයන් මෙරටට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද මූල්‍ය වංචාවල වපසරිය සහ ඔවුන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව දැනටමත් දීර්ඝ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙම විදේශික පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මෑතකදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචා හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතර ඇති සබඳතාව තහවුරු කර ගැනීම සඳහාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka