gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බස්නාහිර ආණ්ඩුකාරවරයාට තනතුර එපා වෙයි : ධූරයෙන් ඉල්ලා අස්වෙයි – අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් ධූරයේ…

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මෑතකාලීනව මාධ්‍ය තුළ තමන්ගේ ධූරය සම්බන්ධයෙන් පළ වූ විවිධ අනුමාන කිරීම් පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පවසන්නේ ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම මෙන්ම තම පවුලේ වගකීම් ද සමබරව පවත්වා ගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බවයි. මේ හේතුව නිසා තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදීම ජනාධිපති වෙත දන්වා තිබූ බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද, සුමට හා විධිමත් සංක්‍රාන්ති කාල සීමාවක් සහතික කරනු පිණිස, ජනාධිපති විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තමන් ආණ්ඩුකාරවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බව හනීෆ් යූසුෆ් පවසයි.

රට වෙනුවෙන් මෙවැනි වගකීම් සහගත ධූරයක් හොබවමින් දේශයේ ප්‍රගතිය උදෙසා දායක වීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවත්, එම අවස්ථාව තමන් වෙත ලබාදීම පිළිබඳව ජනාධිපති වෙත සිය කෘතවේදීත්වය පුද කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වුවද, ජනාධිපතිගේ දැක්මට සහාය වෙමින් විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා තමන් සතු ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගන්නා බව හනීෆ් යූසුෆ් වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට තමන් දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද, රට වෙනුවෙන් ඇති කැපවීම නොසැලී පවතින බවද ඔහු අවධාරණය කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka