වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද දිනයේ එකම වේලාවකදී මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ දෙකක පෙනී සිටීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා වේ. රණවිරු උපහාර උළෙලක පෙරහුරු කටයුතුවලට බාධා පැමිණවීමේ චෝදනාව මත තලංගම පොලිසිය මඟින් අද (25) උදෑසන අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු මත ඔහුව නිදහස් කිරීමට නියෝග කෙරුණි.
පොලිස් නිලධාරීන්ගේ නිල රාජකාරිවලට බාධා වන අයුරින් තවත් පිරිසක් සමඟ නීතිවිරෝධී ජන රාශියක් ගොඩනැඟූ බවට හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඉකුත් 18 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම සිදුවීමට අදාළ ඉදිරි විමර්ශන කටයුතු එළඹෙන අගෝස්තු මස 25 වැනිදා නැවත අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
මේ අතර, ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන චෝදනාවට අදාළව ශෂී වීරවංශ මහත්මිය අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ පෙනී සිටියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා ඇති අතර ඇය විසින් 2010 ඔක්තෝබර් 13 වනදා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මෙම බලපත්‍රය ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටි අතර, මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජූලි මස 24 වනදා සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
-lankacnews
වීරවංශ යුවළ එකම වේලාවක අධිකරණ දෙකක විත්ති කූඩුවල.. විමල් කඩුවෙල.. ශෂී කොළඹ... විමල්ට ඇප..
2026-05-25T18:30:00+05:30
Gossip Lanka Hot News





