ගණිකා කතාවට දිළුම් අමුණුගම පොලිසියට කැදවයි..
සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මෑතකදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිසිය විසින් ඔහුව කැඳවා තිබේ.
ඒ, එම ප්‍රකාශය මඟින් දැනට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩුවකට සම්බන්ධ බාලවයස්කාර දැරියකට අගතියක් සිදුව ඇති බවට එල්ල වූ පැමිණිලිවලට අනුවය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ ප්‍රකාශය මඟින් අධිකරණ කටයුතුවලට සම්බන්ධ 15 හැවිරිදි වින්දිත සහ සාක්ෂිකාර දැරියට හානියක් හෝ අපහසුතාවක් සිදුවී ඇතිද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
තම පක්ෂයට ලැබුණු බව කියන වෙනත් සිදුවීමකට අදාළ තොරතුරු සමූහයක් අමුණුගම මහතා විසින් මාධ්‍ය හමුවේදී අනාවරණය කිරීමත් සමඟ මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හටගත්තේය.
එහිදී ඔහු භාවිතා කළ භාෂා විලාසය හේතුවෙන් සමාජ මාධ්‍ය ජාල තුළ ද ඔහුට එරෙහිව දැඩි විවේචන සහ විරෝධතා එල්ල විය.
තමන්ට එල්ල වූ දැඩි විවේචන හමුවේ අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා, තමන් සිදුකළ ප්‍රකාශය එම නඩුවට සම්බන්ධ දැරිය ඉලක්ක කරගෙන සිදුකළ එකක් නොවන බවට පැහැදිලි කිරීමක් කළේය.
එම ප්‍රකාශය නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙනත් සිදුවීමකට සම්බන්ධ එකක් බව පැවසූ ඒ මහතා, එමඟින් කිසියම් අයෙකුගේ සිත රිදවීමක් හෝ සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ පිළිබඳව තමන් කණගාටුව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.
ගණිකා කතාවට දිළුම් අමුණුගම පොලිසියට කැදවයි..
2026-05-24T09:55:00+05:30
Gossip Lanka Hot News





