ඉන්ධන මිල විශාල ගණනකින් ඉහලට..??
ඉතා නුදුරේදීම ඉන්ධන මිල විශාල අගයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අමෙරිකානු ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
විපක්ෂ නායක නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
වත්මන් ජනාධිපතිවරයා යටතේ පමණක් ඩොලරයක මිල රුපියල් 63කින් ඉහළ ගොස් ඇති බවත්, ඊට සාපේක්ෂව ඉදිරියේදී වෙළෙඳපොළේ භාණ්ඩ මිලද ඉතා ඉක්මනින් ඉහළ යනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්ධන මිල විශාල ගණනකින් ඉහලට..??
2026-05-22T11:00:00+05:30
Gossip Lanka Hot News






