gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තමන්ට සහ පවුලට ආරක්ෂාව දෙනවනම් ලංකාවට ඇවිත් පාස්කු ප්‍රහාරය ගැන සාක්කි දෙන්න අසාද් මවුලානා සූදානම්!

සිය පවුලට සහ තමන්ට ආරක්ෂාව දෙන්නේනම් ශ්‍රී ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය ඇතුළු බුද්ධි අංශ සම්බන්ධ වූ අපරාධ ගණනාවක් පිළිබඳ කරුණු හෙළිකිරීමට සූදානම් බව පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සහ පිල්ලෙයාන් අතර ඇති සම්බන්ධයක් පිළිබඳ ඔහු මීට පෙර චැනල් 4 නාලිකාව ඔස්සේ අදහස් දක්වා තිබිණි.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවක මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් හමුවීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ගොස් ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සතියකින් ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කරන බවත්, පවසා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (20) කොටුව අධිකරණයේදී සඳහන් කළේය.

පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානා ලබාදුන් ප්‍රකාශ මත දිලීප පීරිස් මේ බව අධිකරණයේදී සඳහන් කර තිබිණි.

දැනට ප්‍රංශයේ පදිංචිව සිටින අසාද් මවුලානාගේ ප්‍රකාශය ප්‍රංශ තානාපති කාර්යාලයේදී සටහන් කර ඇති බව ද අනාවරණය විය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka