gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටක් ණය ගන්න එක තමයි හොඳ... ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම... ඩොලරය උඩ ගියත් අපි වැඩේ හරියට කරනවා - අනිල් ජයන්ත

රටක් පාලනය කිරීමේදී තිරසර ලෙස ණය ලබාගත හැකිනම් එය ආර්ථිකයක නිවැරදි හැසිරීමට ඉවහල් වන බවත්, ණය ගැනීම වරදක් ලෙස සමාජගත වී ඇත්තේ පෙර රජයන් එම ණය අවභාවිත කිරීම නිසා බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ණය වැඩි වන විට ආර්ථිකය බිඳ වැටෙන බවට සමාජය තුළ වැරදි මතයක් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය රජයන් ලබාගත් ණයවලින් නිසි ප්‍රතිඵල ලබා නොගැනීම නිසා ණය ව්‍යසනයක් නිර්මාණය වූ බව පැවසීය.

එහෙත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව, ක්‍රමවත් ලෙස ණය කළමනාකරණය කරමින් ඉදිරියට යන්නේ නම් එය ආර්ථිකයට හිතකර බව ඔහු අවධාරණය කළේය.

රජය දැනටමත් ණය තිරසරභාවය අත්පත් කරගෙන ඇති අතර, 2032 ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සැලැස්ම 2026 වන විට සාක්ෂාත් කර ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත විදේශ මූල්‍ය පහසුකම් පිළිබඳවද ඔහු කරුණු අනාවරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ජූනි 27 වන දින වන විට ඩොලර් මිලියන 700 ක මුදලක් අපේක්ෂා කෙරේ. ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙම වසර තුළ ඩොලර් මිලියන 480 ක් ලබා ගැනීමට නියමිතය. ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක් සහ තවත් අනුබද්ධ ආයතනයකින් ඩොලර් මිලියන 50 ක් ලැබීමට නියමිතය.

2022 අර්බුදය සහ වර්තමානය 2022 වසරේ පැවති ආර්ථික බිඳ වැටීමට හේතු වූයේ ඩොලරයේ අගය පාලනය කර ගැනීමට නොහැකි වීම පමණක් නොව, එවකට රජය ගත් වැරදි ප්‍රතිපත්තිමය තීන්දු සහ මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදු නොකිරීම බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ආනයන සීමා කිරීම සහ ණය නොගෙවා සිටීම වැනි කරුණු නිසා එම අර්බුදය උග්‍ර වූ බව අමාත්‍යවරයා පැවසීය.

වර්තමානයේ විදේශ විනිමය අනුපාතය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩවල මිල කෙරෙහි යම් තෙරපුමක් ඇති වුවද, උද්ධමනය පාලනය කිරීමේ රාමුව තුළ රජය සාර්ථකව කටයුතු කරමින් සිටින බවත්, ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka