gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් අපි අධිකරණය 11ක් දෛනිකව නඩු අහනවා... ඒක දේශපාලනික තීරණයක්..- චතුරංග

දේශපාලන උවමනාව නොමැතිව ලංකාවේ නඩු අවසන් කළ නොහැකි බවත් දූෂිතයන්ට එරෙහි නඩු අවසන් කිරීමට ආණ්ඩුව මැදිහත්ව කටයුතු කරන බවත් නි. අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කොට ඇත."ලංකාවේ දේශපාලනයට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ.. ඒ නිසා තමයි ජනතාව ජනතාවගේ රජයක් පත් කරගත්තේ.

එහෙම නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලකයට බෑ වගේම දේශපාලන උවමනාව නැතිව කවදාවත් ඒ නඩු අවසන් වෙන්නේ නෑ.. ඒක ජනතාව හොඳින් දන්න කාරණයක්.

මේ නිසාම තමයි ජනතාව 2015 යහපාලන ආණ්ඩුව ගෙනාවෙ. මාස කීපයක් යනකොට නඩු ඔක්කොම යට ගියා, 2019 ගෝඨාභය ආණ්ඩුව සමඟ සියලු නඩු වීසි වුණා.

මාලිමාවෙ ලොකුම පොරොන්දුව මේ නීති පද්ධතිය ශක්තිමත් කරන එක, ඒක එහෙම වෙනකොට දූෂිතයන් කලබල වෙන එක සාමාන්‍යයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් හා සහය දීල තිබ්බෙ නෑ.. ඒක අපි කළා ඒක දේශපාලන තීරණයක්.

නඩු මාස හයෙන් හයට කල් යනවා අධිකරණය පද්ධතියෙ ඉඩ නෑ.. දැන් අපි අධිකරණය 11ක් දෛනිකව නඩු අහනවා. ඒක දේශපාලනික තීරණයක්.

දූෂිතයන් හිතුවෙ නෑ කවදාවත් සාමාන්‍ය පුරවැසියන්ට බලය ලැබෙයි කියල. පරණ දේශපාලනය, පාතාලය හා අනීතික ව්‍යාපාර හා ඒවායෙන් යැපෙන කණ්ඩායම් කලබල වුණාට කරන්න දෙයක් නෑ."
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka