gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය යුධ වන්දි ලෙස බැරලයකට ගන්නේ ඩොලර් දෙකයි... ලංකාවෙන් ඩීසල් බැරලයකට වැඩිපුර ඩොලර් 10ක් කවුරු හෝ ගන්නවා - වරුණ රාජපක්ෂ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් සිදුකරන ලද ඩීසල් මිලදී ගැනීමකදී, ලෝක වෙළඳපොළේ පවතින සාමාන්‍ය මිල ඉක්මවා බැරල් එකකට ඩොලර් 10ක අමතර මුදලක් ගෙවා ඇති බවත්, එමගින් එක් නැවකින් පමණක් රුපියල් කෝටි 25කට ආසන්න පාඩුවක් සිදුවී ඇති බවත් හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා චෝදනා කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ඉරානය පවා සිය රටේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බොරතෙල් බැරලයකට ඩොලර් 2ක බද්දක් පැනවීමට උත්සාහ කරන විට එය ලෝක මට්ටමේ දැඩි විරෝධතාවයකට ලක්වූ බවයි.

එසේ තිබියදී, ලංකාව කිසිදු තර්කයකින් තොරව ඩීසල් බැරලයකට ඩොලර් 10ක් වැනි විශාල ප්‍රීමියම් මුදලක් වැඩිපුර ගෙවීම අතිශය අද්භූත සහ බරපතල තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.

රාජපක්ෂ මහතා පවසන පරිදි, පසුගිය අප්‍රේල් 02 වන දින සිංගප්පූරු ටාපිස් (Tapis) මිල දර්ශකය අනුව පිරිපහදු කළ ඩීසල් බැරලයක මිල ඩොලර් 230ක් ලෙස සටහන්ව තිබුණි. ඊට උපරිම ලොජිස්ටික් ගාස්තු (ඩොලර් 35) සහ උපරිම රක්ෂණ ගාස්තු (ඩොලර් 11.5) එකතු කළද, බැරලයක අවසාන මිල විය යුත්තේ ඩොලර් 276.5ක් පමණි.

එහෙත් සංස්ථාව එම බැරලයක් ඩොලර් 286කට මිලදී ගෙන ඇති බවට ඔහු තොරතුරු ඉදිරිපත් කරයි.

"ඩොලර් දෙකක බද්දක් ඉරානය ඉල්ලද්දී ඒක ලෝක දේශපාලනයේ ලොකු ප්‍රශ්නයක් වුණා. එහෙම තියෙද්දී අපේ බලධාරීන් ඩොලර් 10ක් වැඩියෙන් ගෙවන්නේ කාගේ වුවමනාවටද?" යනුවෙන් ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

මෙම මිල වෙනස හේතුවෙන් එක් නැවක අඩංගු බැරල් ප්‍රමාණය අනුව රුපියල් කෝටි 25ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවත්, මේ පිළිබඳව CPC කළමනාකාර අධ්‍යක්ෂවරයා ලබාදෙන පිළිතුරු ප්‍රමාණවත් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ලංකාවට තෙල් ගොඩබාන විට බදු රහිතව පවා ඩීසල් ලීටරයක මිල රුපියල් 570 ඉක්මවන තත්ත්වයක් තුළ, ජනතාවගෙන් මෙවැනි අසාධාරණ මිලක් අය කිරීමට එරෙහිව තමා දිගින් දිගටම පෙනී සිටින බවද වරුණ රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka