gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාල්කාන්ත හිරු TVගෙන් කෝටි සීයක් ඉල්ලයි.. බලපත‍්‍රය අහෝසි කරන්න දන්වන බවත් කියයි...

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් හිරු ටීවී (Hiru TV) නාලිකාවට සහ ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ආයතනයට එරෙහිව රුපියල් බිලියනයක (රුපියල් මිලියන 1000ක) වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

තම සේවාදායකයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් හිරු නාලිකාව මගින් අසත්‍ය සහ ද්වේශසහගත පුවතක් ප්‍රචාරය කළ බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ බුද්ධික විජේසූරිය මහතා මෙම එන්තරවාසිය මගින් පෙන්වා දෙයි.

එන්තරවාසියට අනුව, 2026 අප්‍රේල් 16 වන දින හිරු පුවත් විකාශය මගින් අමාත්‍ය ලාල්කාන්ත මහතා සතුව රුපියල් කෝටි 46කට අධික වත්කම් ඇති බවට පුවතක් පළ කර ඇත. එහිදී අමාත්‍යවරයාගේ දියණිය සතු, රුපියල් 143,000කට ආසන්න වටිනාකමකින් යුතු කොටස්, රුපියල් තිස් අටකෝටි තිස් නව ලක්ෂයකට (රු. 383,906,705.40) අධික සුරකුම්පත් ලෙස හිතාමතාම සාවද්‍ය ලෙස ප්‍රචාරය කර ඇති බවට චෝදනා එල්ල වේ.

මෙම ප්‍රවෘත්තිය පළ කිරීමට ප්‍රථම අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට මාධ්‍ය ආයතනය උත්සාහ කර නොමැති බව එහි සඳහන් වේ. "ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම්" වැනි සිරස්තල සහ අමාත්‍යවරයාගේ රුව යොදාගනිමින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ද මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මගින් ඔහුගේ දේශපාලන හා වෘත්තීය කීර්ති නාමයට දැඩි කැළලක් සිදු වී ඇති බව නීතිඥවරයා අවධාරණය කරයි.

රජය විසින් ලබා දී ඇති පොදු දේපළක් වන සංඛ්‍යාත, පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අදාළ නාලිකාව අවභාවිත කරන බව පෙනී යන බැවින්, ඔවුන්ගේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට අදාළ බලධාරීන් වෙත කරුණු දැක්වීමට ද අපේක්ෂා කරන බව එන්තරවාසිය මගින් දන්වා ඇත.

අදාළ වන්දි මුදල දින හතක් ඇතුළත ගෙවීමට පියවර නොගතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙනුවෙන් නීතිඥ බුද්ධික විජේසූරිය මහතා වැඩිදුරටත් දන්වා සිටියි
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka