විජේවීරලා, සෝමවංශලා පවු... දැන් ජවිපෙ නායකයන් ඉන්නෙ සාර් රජ කාලෙ වගේ සැප විදිමින් - රාජිත
ආණ්ඩුවේ ඉදිරිපෙළ නායකයන්ගේ කෝටි ගණනක් වන වත්කම් හෙළිදරව් වීමත් සමග ජවිපෙ වෙනුවෙන් තම ජීවිතය කැප කළ පූර්ණ කාලීන සාමාජිකයන් පක්ෂය අතහැර යමින් ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රෝහණ විජේවීර, සෝමංශ අමරසිංහ වැනි නායකන්ගේ අව්‍යාජ කැපකිරීම් දැක කිසිදු ගෙවීමක් නොමැතිව සිය පවුලට දරුවන්ට විය යුතු යුතුකම් පසෙක දමා පක්ෂය වෙනුවෙන් නොකා නොබී සේවය කළ පූර්ණ කාලීනයන් වත්මන් නායකයන්ගේ ක්‍රියාකලාපය නිසා දැඩි ලෙස කලකිරී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
එදා රුසියාවේ සාර් රාජ සමයේ මෙන් අද මෙරට අනුර දිසානායක මහතා ඇතුළු නායකයන් කෝටිපතින් වී සුරසැප විඳින අතර පාක්ෂිකයන් කන්න ටිකක් නැතිව දුක් විඳිමින් ඇතැයිද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
මේ පුවත තව අයට බලන්න
විජේවීරලා, සෝමවංශලා පවු... දැන් ජවිපෙ නායකයන් ඉන්නෙ සාර් රජ කාලෙ වගේ සැප විදිමින් - රාජිත
2026-04-20T14:46:00+05:30
Gossip Lanka Hot News






