gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද රාජපක්ෂගේ කෝටි 93,000ක මුදල පවරාගෙන 155,000 ගානේ මහජනතාවට බෙදා දෙන්න – පොහොට්ටුවේ පසන් කස්තුරි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති රුපියල් කෝටි 93,000ක මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් අභියෝගයක් කරමින් ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන පසන් කස්තුරි මහතා අදහස් පළ කර සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට එම චෝදනා සත්‍ය නම්, අදාළ මුදල් කඩිනමින් රාජසන්තක කර මහජනතාව වෙනුවෙන් යොදවන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසන් කස්තුරි මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය:

“මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අභියෝගයක් කරනවා. ඔබ කියන විදියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එහෙම හොරකමක් කරලා තියෙනවා නම්, ඒ මුදල් වහාම රජයට පවරා ගන්න. එසේ පවරාගෙන රටේ සෑම පවුලකටම රුපියල් 155,000 බැගින් බෙදා දෙන්න, නැත්නම් ඒ මුදලින් අධිවේගී මාර්ග 6ක් වැනි ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. මේවා ඔක්කොම පුස් චෝදනා පමණයි.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka