gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුපිරි කාපට් පාර ලාල්කාන්තගේ මන්දිරය අසලට විතරයි… එතන ඉඳන් බොරලු පාර…!

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කඩුවෙල ඉදිකළ සුපිරි තෙමහල් නිවස පසුගියදා මහත් ආන්දෝලනයට ලක්විය. ඒ ජනාධිපති සහ අගමැතිනියද කැඳවා පැවැත්වූ සාංඝික දක්ෂිණාවක රූප රාමු මාධ්‍යයට මුදා හැරීමත් සමගය.

මේ අතර නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් පසුගියදා එම නිවස අසලට ගොස් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූ අතර එම ස්ථානයට පොලිසියද කැඳවා තිබිණි.

ඇමති ලාල්කාන්තගේ නිවස පිහිටි මාර්ගය ඔහුගේ නිවස අසලට පමණක් කාපට් අතුරා සකස් කර තිබූ අතර එයද විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධයට ලක්විය.

මෙම නිවස ගොඩනැගුවේ මාලිමාව ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර බව ආණ්ඩු පාර්ශ්වය සඳහන් කළද ඇමති ලාල්කාන්තගේ 2025 වත්කම් බැරකම් ප්‍රකාශයේ එම නිවස ඇතුළත්ව නොමැති බවටද චෝදනා නැගෙයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka