gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“සලේගෙන් ප්‍රශ්න කරන්නේ පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා” - නාමල්‍ රාජපක්ෂ

“තමන්ගේ පක්ෂයට වියදම් කළ කෙනාව හංගලා, ආරක්ෂා කරලා ඔහුගේ දේපළත් නිදහස් කරලා දීලා, කොහෙවත් යන කට්ටියට පාස්කු ප්‍රහාරයට ඇඟිල්ල දික්කරාට හරියන්නෑ” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) නෙළුම් මාවතේදී ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන් කළේය.

“මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. එක පැත්තකින් කළින් පිල්ලෙයාන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද, වෙනත් ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන්නේ.

ඒ වගේම අද සුරේශ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ? පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල්අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. තමන්ගේ දේශපාලන වේදිකාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපෙන් අහනවට වඩා ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕන ජේවීපී එකෙන් හරි ඊබ්‍රාහිම්ගෙන් අහන්න කියලා ඇයි පුතාලා දෙන්න එහෙම කළේ කියලා.

දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහමොළකරුවෙක් ඉන්නවා, රාජපක්ෂලා කියල කියනවනේ ඉතින් ඊබ්‍රහම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා, ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ. ජාතික ලැයිස්තුවේ හිටියනේ ජේවීපී එකට වියදම් කරානේ. තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියන්ට ඇඟිල්ල දික්කරාට හරියන්නෑ.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka