gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිරුගෙන් ලාල්කාන්තට කනගාටුව... වැරැද්ද නිවැරදි කරයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කළේය.

අමාත්‍ය ලාල්කාන්ත විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

2026 අප්‍රේල් මස (16) වන දින හිරු ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත් පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට අධික සුරකුම්පත් පවතින බවද ප්‍රකාශ කර ඇත.




අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කර ඇත.

අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් කෝටි අට ඉක්මවන බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සතු සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක් ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදුවූ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

අදාළ වත්කම් – බැරකම් ප්‍රකාශය අනුව එම සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්තෑපහයි ශත අටක් ලෙස නිවැරදි විය යුතු වන බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

තවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුලු‍ දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.

ඒ අනුව අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත වෙත සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කරන බවත් මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේ බවද හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka