gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ට‍්‍රම්ප් ඉරාන ප‍්‍රහාරය අත්හිටුවයි

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉලක්ක කර එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් සති දෙකක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙම තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම සහ වහාම විවෘත කිරීමට එකඟ වන්නේ නම් පමණක් බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. මෙය දෙපාර්ශවයම ගරු කළ යුතු සටන් විරාමයක් වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විටත් ඇමරිකානු හමුදාමය අරමුණු සියල්ල සම්පූර්ණ කර ඇති අතර, ඉරානය සමඟ දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීමේ මාවතේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

ඉරානය විසින් කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට සුදුසු පදනමක් බව ඇමරිකාව විශ්වාස කරයි.

මීට පෙර මතභේදයට තුඩු දුන් කරුණු බොහොමයක් සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. මෙම සති දෙකක කාලය සාම ගිවිසුම අවසන් කර තහවුරු කිරීමට යොදා ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මැදපෙරදිග කලාපයේ පවතින දීර්ඝකාලීන අර්බුදය විසඳීමට හැකිවීම ගෞරවයක් බව ප්‍රකාශ කළ ජනාධිපති ට්‍රම්ප්, තමා මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම මැදපෙරදිග සෙසු රටවල් ද නියෝජනය කරන බව පවසා ඇත.

පාකිස්ථානයේ මැදිහත් වීමෙන් එළඹුණු සති දෙකක තාවකාලික සටන් විරාම ගිවිසුම ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය (Supreme National Security Council) විසින් නිල වශයෙන් ස්ථිර කර ඇති බව මෙහර් (Mehr) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, 

මෙම සටන් විරාම ගිවිසුමට ඉරානයේ නව උසස් නායක අයතුල්ලා මොජ්තබා කමේනිගේ අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම, මෙම සටන් විරාම ගිවිසුම "ඉරානය ලැබූ ජයග්‍රහණයක්" ලෙස ආරක්ෂක මණ්ඩලය සඳහන් කර.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka