gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කංචනගෙ කාලෙ ඉන්ධන ප‍්‍රිමියම් ඩොලර් 40ක් වුනේ වංචාව නිසා... අපේ කාලෙ ඩොලර් 50ක් වුනේ ලෝක තත්වය මත - CPC සභාපති

අතීතයේ පැවති අධික ඉන්ධන ප්‍රීමියම් (Premium) පිරිවැය වංචා සහ දූෂණවල ප්‍රතිඵලයක් විය හැකි වුවද, වත්මන් මිල ඉහළ යාම මුළුමනින්ම ගෝලීය දේශපාලන හා ආර්ථික තත්ත්වයන් මත තීරණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

දෙරණ නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

සභාපතිවරයා පෙන්වා දුන්නේ අතීතයේ ඩොලර් 40ක් වැනි ඉහළ ප්‍රීමියම් මුදලක් ගෙවීමට සිදුවීම පිටුපස ගැටලුවක් පවතින බව වත්මන් ජනාධිපතිවරයා එදා සිටම ප්‍රකාශ කළ බවයි.

එදා පැවති එම තත්ත්වය ලෝක වෙළඳපොළේ බලපෑමක් නොව මෙරට පැවති ඩොලර් අර්බුදය හා පාලන තන්ත්‍රයේ දුර්වලතා හේතුවෙන් ඇති වූ දේශීය තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.

කංචන විජේසේකර හිටපු අමාත්‍යවරයා පවා එදා ප්‍රීමියම් ඉහළ යාම තුළ වංචා සිදුවන බව පිළිගෙන තිබූ බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

වත්මන් ප්‍රීමියම් පිරිවැය ඩොලර් 50ක් දක්වා ඉහළ යාමට මූලික වශයෙන්ම බලපා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය ඇතුළු ගෝලීය බලපෑම් බව සභාපතිවරයා පවසයි.

යුද තත්ත්වය හේතුවෙන් රක්ෂණ සමාගම් රක්ෂණාවරණ ලබාදීමට මැලිවීම සහ රක්ෂණ වාරික අතිශය ඉහළ යාම, ගෝලීය තත්ත්වයන් මත ප්‍රවාහන පිරිවැය ඉහළ යාම, කාගෝ (Cargo) හිඟවීමත් සමඟ ඇති වූ ඉල්ලුම මත සැපයුම්කරුවන් සිය ලාභ පංගුව ඉහළ දැමීම මෙහිදී ප්‍රධාන සාධක කිහිපයක් ඔහු පෙන්වා දෙයි.

පසුගිය සතියේ කැඳවූ ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත් වූයේ එක් සැපයුම්කරුවෙකු පමණක් බවත්, එවැනි අවස්ථාවලදී ප්‍රීමියම් මුදල ඩොලර් 50 ඉක්මවා යා හැකි බවත් ඔහු අනාවරණය කළේය.

නව පාලනාධිකාරිය බලයට පත්වන විට ඩොලර් 5-6 මට්ටමේ තිබූ බොරතෙල් ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 2.34 දක්වා අඩු කිරීමට පියවර ගත් බව රාජකරුණා මහතා පැවසීය. එසේම, එදා සැපයුම්කරුවන් 3-4 දෙනෙකුට සීමා වී තිබූ ක්‍රියාවලිය වෙනස් කර, දැනට සැපයුම්කරුවන් 10-15 දෙනෙකු දක්වා වැඩි කරමින් තරඟකාරීත්වයක් ඇති කර තිබේ.

සංස්ථාවේ විනිවිදභාවය සහ විශ්වාසය තහවුරු කිරීම සඳහා ඕමානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව වැනි රටවල තානාපතිවරුන් සමඟ සෘජුව සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය,. විශේෂයෙන් ඉන්දියාවේ රිලයන්ස් සමාගම වැනි සමීපතම සැපයුම්කරුවන් හරහා ප්‍රවාහන ගාස්තු අවම කර ගනිමින් අඩු ප්‍රීමියම් අගයකට තෙල් ලබා ගැනීමට උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පැරණි පාලන සමයන්හි 2012 වසරේ සිට පැවති ප්‍රමාද ගාස්තු සහ ඩොලර් මිලියන ගණනක පූර්ව ගෙවීම් සම්බන්ධ ගැටලු තවමත් නිරාකරණය කරමින් පවතින බව ද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka