ඉරානය සම්පූර්ණයෙන්ම හෝමුස් අරී... ලෝක තෙල් මිල දැවැන්ත ලෙස පහල වැටේ..
ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක වසා නොදැමීමට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි. ඉරානය සමඟ ඇති වූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්නුම් කරමින් ජනාධිපතිවරයා සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ, මින් ඉදිරියට හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝකයට එරෙහි අවියක් ලෙස භාවිත කිරීමට ඉඩ නොතබන බවයි.
පවතින සටන් විරාම කාලසීමාව තුළ සියලුම වාණිජ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබන බව ඉරාන විදේශ අමාත්‍යවරයා කළ නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සිකුරාදා දිනයේදී 11% කින් පමණ තියුණු ලෙස පහත වැටුණි.
මිල ගණන්වල මෙම පහත වැටීමත් සමඟ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 10.59 කින් (10.7%) පහත වැටී ඩොලර් 88.80 ක් ලෙස වාර්තා විය.
මීට අමතරව ඇමරිකානු WTI බොරතෙල් මිල ද ඩොලර් 10.80 කින් (11.4%) පහත වැටී බැරලයක මිල ඩොලර් 83.89 ක් දක්වා අඩු වී ඇත.
මෙය පසුගිය මාර්තු 11 වනදායින් පසු වාර්තා වූ අවම බොරතෙල් මිල අගය ලෙස සැලකේ.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය වීම සහ සැපයුම් මාර්ග විවෘත වීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානය සම්පූර්ණයෙන්ම හෝමුස් අරී... ලෝක තෙල් මිල දැවැන්ත ලෙස පහල වැටේ..
2026-04-17T22:07:00+05:30
Gossip Lanka Hot News





