gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ශෝකයේ අණ දෙන්නා හෙවත් ලෝකයේ බලවත්ම මෝඩයා ඉවත්වීමේ පුරප්පාඩුව ශිෂ්ඨාචාරවත් සාමාජිකයෙකුගෙන් පුරවා ගන්න… “ ඉතාලියට ඉරානයෙන් ඇප්ලිකේෂන් එකක්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි අතර ඇති වූ රාජ්‍යතාන්ත්‍රික විරසකය මැදට උපහාසාත්මක ලෙස මැදිහත් වීමට ඝානාවේ ඉරාන තානාපති කාර්යාලය කටයුතු කර ඇත. ට්‍රම්ප් පාලනය විසින් ඉරාන වරායවල් සම්පූර්ණයෙන් වටලා එරට ආර්ථිකය අඩපණ කර ඇති මොහොතක, ඉරානය විසින් ඉතාලියට මිත්‍රත්වයේ දෑත් දිගු කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාව “ලෝකයේ සිටින බලවත්ම මෝඩයා” (Powerfool man) ලෙස හඳුන්වමිනි.

ඉතාලි අගමැතිනි මෙලෝනි විසින් පාප් වහන්සේ සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් දැඩි ලෙස විවේචනය කිරීමත් සමඟ දෙරට අතර ඇති වූ සීතල  යුද්ධය අතර ඉරානය මේ උපහාසාත්මක ආමන්ත්‍රණය කර තිබේ.

ඝානාවේ ඉරාන දූත මණ්ඩලය නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ, වොෂින්ටනයේ සිටින “ශෝකී අණදෙන්නා” (Commander-in-Grief) ඉතාලියට අහිමි වුවද, වසර 7000ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ඉරානය එම මිත්‍රත්වයේ හිඩැස පිරවීමට සූදානම් බවය. එම පණිවිඩයේ සිංහල පරිවර්තනය  මෙසේය.

“ප්‍රිය ඉතාලි වැසියෙනි, ඔබේ අගමැතිනිය පාප් වහන්සේ  වෙනුවෙන් පෙනී සිටීම නිසා වොෂින්ටනයේ සිටි මිත්‍රයෙකු ඔබට අහිමි විය .  ඔහු අන් කවරෙකු නොව ‘ශෝකයේ අණදෙන්නා’ (Commander in Grief) වන, එසේම මේ මිහිපිට සිටින ‘බලවත්ම මෝඩයා’ (most powerfoolman) වේ. හිස් වූ එම මිත්‍රත්වයේ පුරප්පාඩුව සඳහා අයදුම් කිරීමට අපි කැමැත්තෙමු.”

“අපගේ සුදුසුකම් මෙසේය: වසර 7,000ක අභිමානවත් ශිෂ්ටාචාරය, කාව්‍ය ශාස්ත්‍රයට සහ වාස්තු විද්‍යාවට අප දෙරටේම ඇති පොදු ලැදියාව, සහ ට්‍රම්ප්ගේ අවධානය පවතින කාල සීමාවට වඩා වැඩි වේලාවක් උයා පිස ගැනීමට ගතවන ප්‍රණීත ආහාර සංස්කෘතියයි. ඉරානය සහ ඉතාලිය අතර ඉතිහාසයේ කිසිදාක හෝ ආරවුලකට පැවති එකම කරුණ වන්නේ අයිස්ක්‍රීම් මුලින්ම සොයාගත්තේ කවුද යන්න පමණි. එහිදී ‘ෆලූඩේ’ (Faloodeh) පළමුව පැමිණි අතර ‘ජෙලාටෝ’ (Gelato) වඩාත්  ප්‍රසිද්ධ වී  පැමිණියේය. මේ සම්බන්ධයෙන් අපි වසර 2,000ක කාලයක සිට ‘සීතල’ යුද්ධයක නිරත වී සිටින්නෙමු,” යනුවෙන් ඝානාවේ ඉරාන තානාපති කාර්යාලය සිය නිල පණිවුඩය මගින් රාජ්‍යතාන්ත්‍රික සංවාදයට දේශපාලන උපහාසයක් එක් කරමින් ප්‍රකාශ කර සිටියේය.


ඇමරිකානු මුහුදු වැටලීම සහ ආර්ථික පීඩනය
මේ අතර, ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) ප්‍රකාශ කරන්නේ පැය 36ක් ඇතුළත ඉරානයේ සියලුම වරායවල් අවහිර කර ඇති බවයි. ඉරාන ආර්ථිකයෙන් 90%ක් මුහුදු මාර්ගයෙන් සිදුවන වෙළඳාම මත රඳා පවතින බැවින්, මෙම සම්බාධකය එරටට දැඩි බලපෑමක් එල්ල කර ඇත. අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසන පරිදි, ඇමරිකානු නාවික හමුදාව විසින් ඉරානයට ඇතුළු වන සහ පිටවන සියලුම ආර්ථික වෙළඳ ගනුදෙනු නතර කර ඇත.

කෙසේ වෙතත්, ෆොක්ස් බිස්නස් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමඟ යුද්ධය අවසන් වීමට ආසන්න බවයි. ඉරානය ඉතා ඉක්මනින් ගිවිසුමකට එනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුවහොත් එම රට නැවත ගොඩනැගීමට වසර 20ක් ගතවනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ කුඩා ගිවිසුමක් නොව, ඉරාන ජනතාව ලෝක ආර්ථිකයට සම්බන්ධ කරන “මහා ගිවිසුමක්” (Grand Bargain) බවය.

ඉස්ලාමාබාද්හි පැය 20කට අධික කාලයක් පැවති සාකච්ඡා මගින් ඉරානයට ආර්ථික සෞභාග්‍යය උදාකර දීමට ඇමරිකාව සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
- කපිල කේ හීනටියන
lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka