gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන ශිෂ්ඨාචාරය අද වනසනවා..- ට‍්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරානයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. අද රාත්‍රිය ලෝක ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව ඔහු එහි සඳහන් කර ඇත.

වසර ගණනාවක් පැවති ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ අවසන් වනු ඇති බවත්, එය නැවත කිසි දිනෙක පෙර තිබූ තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇති බවත් ඔහු පවසා සිටී.

ඉරානය තුළ දැනට පවතින රැඩිකල් පාලනය වෙනුවට බුද්ධිමත් සහ වඩාත් යහපත් පාලන තන්ත්‍රයක් ස්ථාපිත වී ඇති බව ඔහු පෙන්වා දෙයි. මෙම "සම්පූර්ණ සහ පූර්ණ පාලන වෙනස" හරහා විප්ලවීය මෙන්ම යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකි බව ඔහුගේ අදහසයි.

සිය ප්‍රකාශය අවසානයේ ඔහු ඉරානයේ වෙසෙන ජනතාවට දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කර තිබේ.

මෙම ප්‍රකාශය අද දින (7) පස්වරු නිකුත් කර ඇති අතර, කෙටි වේලාවක් තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ අවධානයට ලක්ව තිබේ.

ලෝක ඉතිහාසයේ ඉතා සංකීර්ණ සහ වැදගත් අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දෙන ට්‍රම්ප් මහතා, ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව ලෝකයම අවධානයෙන් සිටින බව පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka