අවුරුදු දවස් 5ට රිය අනතුරු 42ක්: 44ක් මරුට
පසුගිය දවස් 5 තුළ මාර්ග රිය අනතුරු 42ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර අද (අප්‍රේල් 16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ ය.
මෙම අනතුරුවලින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අවුරුදු දින තුනවූ අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල පමණක් අනතුරු 19ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව ය.
රිය අනතුරු සිදුවූ වාහන වර්ග අනුව, යතුරුපැදි අනතුරු 16ක්, ත්‍රිරෝද රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් සහ හප්පා පළා යෑම් සිද්ධියක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය.
පසුගිය වසරට අවුරුදු සමයේ සිදුවූ රිය අනතුරුවලට සාපේක්ෂව මේ වසරේ රිය අනතුරු අඩුවක් වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය.
අවුරුදු දවස් 5ට රිය අනතුරු 42ක්: 44ක් මරුට
2026-04-16T17:30:00+05:30
Gossip Lanka Hot News





