gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසන්ත, මහින්ද, ජයලාල් සැකකරුවන් කරන්න නීතිපති උපදෙස් නොලැබේ!

 දෙහිවල පිහිටි ජාතික කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් මගින් බදු දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු තිදෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන්නේද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් පාසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී වංචා විමර්ශන කාර්යාංශය මේ බව පැහැදිලි කළේය.

නීතිපති උපදෙස් ලැබුණු වහාම ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බව ද නිලධාරීන් එහිදී අධිකරණයට දන්වා සිටියේය.

කිරුළපන පදිංචි දයාජි අමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. රුපියල් මිලියන 3.6ක මුදලකට අදාළ මෙම ගොඩනැගිලි බදු දීමේ වංචාව සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා (බදු දෙන්නා ලෙස ඔප්පුවට අත්සන් තැබීම සම්බන්ධයෙන්), නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා (බදු ගන්නෙකු ලෙස), කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා (බදු ගන්නෙකු ලෙස) යන අය සැකකරුවන් ලෙස නම් කරන ලෙස අගතියට පත් පාර්ශවයේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් කඩිනමින් උපදෙස් ලබාගෙන ලබන ජූනි මස 12 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka