gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලක්ෂයක් රියැදුරන් මහමගට! තෙල් මිල වැඩිවුණත් කිලෝමීටරයට තවමත් රුපියල් 50යි : අසාධාරණයට එරෙහිව රියැදුරන් පික්මී මූලස්ථානය වටලයි!

දිවයින පුරා විසිරී සිටින ලක්ෂයකට අධික පික්මී (PickMe) රියැදුරන් නියෝජනය කරමින් විශාල පිරිසක් සිය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සහ ආයතනයෙන් සිදුවන අසාධාරණයන්ට එරෙහිව ඊයේ දින නුගේගොඩ පිහිටි පික්මී ප්‍රධාන කාර්යාලය වටලමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 

ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමකදීත්, කිලෝමීටරයකට රුපියල් 50ක වැනි ඉතා අඩු මුදලක් තවදුරටත් ගෙවමින් රියැදුරන්ව දැඩි ලෙස සූරාකෑමට ලක් කරන බවට ඔවුහු මෙහිදී ආයතනයට දැඩි ලෙස චෝදනා කළහ. සිය ගැටලු සාකච්ඡා කිරීමට ගිය රියැදුරන්ට ආයතනයේ බලධාරීන්ගෙන් සාධාරණ පිළිතුරක් නොලැබුණු බවත්, ඔවුන්ව කාර්යාලයෙන් පන්නා දැමීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

උද්ඝෝෂණයේ නිරත වූ රියැදුරන් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයාගෙන් අය කරන මුදලින් 15% ත් 22% ත් අතර දැවැන්ත කොමිස් මුදලක් විවිධ කොන්දේසි යටතේ ආයතනය විසින් කපාගන්නා බවයි. ඊට අමතරව රක්ෂණ ගාස්තු සහ පාරිභෝගික ඇප් භාවිත ගාස්තු ලෙසද රියැදුරාගේ ආදායමෙන් රහසිගතව මුදල් අයකර ගන්නා බවට ඔවුහු චෝදනා කරති. 

අද වන විට ඉන්ධන පෝලිම්වල රස්තියාදු වෙමින්, අමාරුවෙන් ලබාගන්නා ඉන්ධන ටික දහනය කරමින් කිලෝමීටර ගණනාවක් දුර ගොස් හයර් එකක් ලබාගත්තද, යම් හෙයකින් එය අවලංගු කළහොත් ඊට කිසිදු වන්දියක් ආයතනයෙන් නොලැබෙන බවද රියැදුරෝ කනගාටුවෙන් යුතුව වැඩිදුරටත් කියා සිටියහ.

"අපි රජයෙන් පිනට කන්න ඉල්ලන හිඟන්නො නෙවෙයි, තමන්ගේම මහන්සියෙන් ගේමක් ගහලා ජීවත් වෙන අහිංසක කොල්ලො ටිකක්. රජයෙන් නියම කරලා තියෙන සාධාරණ ගාස්තුවවත් අපිට දෙන්න මේ කම්පැනි සූදානම් නෑ," යනුවෙන් උද්ඝෝෂණයට එක්වූ වෘත්තීය රියැදුරෝ මාධ්‍ය හමුවේ සංවේදීව අදහස් දැක්වූහ. 

ත්‍රීවීල්, යතුරුපැදි, කාර් සහ ට්‍රක් රථ ඇතුළු සියලුම අංශ නියෝජනය කරන රියැදුරන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් පවසන්නේ මෙලෙස රියැදුරන් ලක්ෂයක් පමණ සිටින ආයතනයක් තම සේවකයන්ගේ දුක නොහඳුනන්නේ නම් එය මහත් ඛේදවාචකයක් බවයි.

මෙම දැවැන්ත සූරාකෑමට එරෙහිව රජය වහාම මැදිහත් වී මෙරට ප්‍රවාහන යෙදුම් (Ride-hailing apps) නියාමනය කිරීම සඳහා කඩිනම් නීති මාලාවක් ගෙන ආ යුතු බවට රියැදුරෝ රජයට බල කර සිටිති. 

තම සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබුණහොත්, දිවයින පුරා විසිරී සිටින අනෙකුත් නගරවල රියැදුරන්ද එක්රැස් කරගෙන මෙම සටන දැවැන්ත අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගෙන යන බවට පික්මී රියැදුරු එකමුතුව ආයතනයට මෙන්ම බලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka