ඉරානෙන් තෙල් දෙන්නං කිවුවට අපට ගේන්න නැවු නෑ... Iris Dena නැවට කල ආරාධනය රාජතාන්ත‍්‍රික නෙමෙයි - නලින්ද
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට සූදානම් බවට ඉරාන තානාපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව රජයේ ස්තූතිය හිමිවන බවත්, එහෙත් එම ඉන්ධන මෙරටට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නෞකා පහසුකම් ශ්‍රී ලංකාව සතුව නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉරානයෙන් තෙල් ගෙන ඒමට හැකියාව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය නෞකා සතු රටවලට පමණක් වුවද, ශ්‍රී ලංකාව සතුව එවැනි නෞකා පහසුකම් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර මේ වන විටත් සහතික කර ඇති බැවින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී ඇමරිකානු ප්‍රහාරයකින් විනාශ වූ අයිරිස් ඩෙනා නෞකාව සම්බන්ධයෙන් ඉරාන තානාපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ දේ කියා සිටියේ ඉරාන නාවිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ ලෙස රාජතාන්ත්‍රික ආරාධනාවක් සිදු කළේ නැති බවයි.
නමුත් ඉන්දියාවේදී නාවික හමුදාපතිවරයා සුහද ආරාධනාවක් පමණක් කර තිබූ බවද පැවසූ ඔහු රාජතාන්ත්‍රික ආරාධනා සම්බන්ධයෙන් රාජතාන්ති‍්‍රක කටයුතු සිදු කරන අය නිසි ලෙස දන්නා බවද කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
ඉරානෙන් තෙල් දෙන්නං කිවුවට අපට ගේන්න නැවු නෑ... Iris Dena නැවට කල ආරාධනය රාජතාන්ත‍්‍රික නෙමෙයි - නලින්ද
2026-03-24T16:40:00+05:30
Gossip Lanka Hot News





