gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා ප‍්‍රහාරයට ලක් වූ අයිරිෂ් ඩෙනා නෞකාව ලංකාවට ආවේ නිල ආරාධනාවක් මතයි.. තෙල් හෝ ඕනෑම අත්‍යවශ්‍ය දෙයක් ලංකාව ඉල්ලුවොත් දෙන්න අපි සූදානම්." - ඉරාන තානාපති

ශ්‍රී ලංකාව ඉරානයේ සමීප මිත්‍ර රටක් බවත්, මෙරටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සැදී පැහැදී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා ප්‍රකාශ කළේය.

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ, පවතින කලාපීය නොසන්සුන්තා හමුවේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට බලශක්ති සැපයුම පිළිබඳ ගැටලු හෝ තෙල් හිඟයක් ඇති වුවහොත්, එම අවශ්‍යතා සපුරාලීමට ඉරානය ඉදිරිපත් වන බවයි.

"ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඒවා ලබාදීමට ඉරානය සැමවිටම සූදානම්" යැයි ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඉරාන වැසියන් ශ්‍රී ලංකා ජනතාවට ඉහළ ගෞරවයක් දක්වන බවත්, ශ්‍රී ලංකාව කිසිදු කරදරයකට පත්වෙනු දැකීමට තමන් අකමැති බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

එසේම, දෙරට අතර දැනටමත් ක්‍රියාත්මක වන 'තේ වෙනුවට තෙල්' (Tea barter) ගනුදෙනුව පවතින තත්ත්වයන් සමනය වූ වහාම පෙර පරිදිම ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය

මෑතකදී ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් Irish Dena නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය නාවිකයන්ගේ දේහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ සහයෝගය සහ ආගන්තුක සත්කාර පිළිබඳවද ඔහු සිය ස්තූතිය පළ කළේය.

ඇමරිකානු ප්‍රහාරයට ලක් වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාව ඇතුළු නෞකා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරටින් කළ නිල ආරාධනයක් මත බවත් ඩෙල්කෝෂ් මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ පැවති 'මිලාන් 2026' (Milan 2026) බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය අතරතුරදී, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයා වෙත මෙම නෞකා වලට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත.

තානාපතිවරයා අවධාරණය කළේ මෙම නෞකාව මෙරටට පැමිණියේ යුද්ධයකට හෝ ගැටුමකට සූදානමින් නොව, හුදෙක් මිත්‍රශීලී සංචාරයක් සඳහා පමණක් බවයි.

ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ නෞකාවේ සිටි පිරිසෙන් වැඩි පිරිසක් සෙබළුන් නොවන බවත්, ඔවුන් සංගීත කණ්ඩායමක (music band) සාමාජිකයන් බවත් තානාපතිවරයා පැවසීය. 

ඔවුන් සතුව තිබුණේ අවි ආයුධ නොව සංගීත භාණ්ඩ බවත්, ඔවුන් කිසිදු ආරක්ෂක හෝ ප්‍රහාරක හැකියාවකින් යුක්තව නොසිටි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස ආරාධනයක් මත මෙරටට පැමිණ සිටියදී, ඇමරිකානු සබ්මැරීනයක් මගින් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙම නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඔහු ප්‍රකාශ කළේය.

"ඉන්දියාවේ නාවික අභ්‍යාසය සඳහා රැඳී සිටින කාලය තුළ මෙම නෞකාව ඇතුළු තවත් නෞකා දෙකකට මෙහි පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පාර්ශවයෙන් ආරාධනා කරන ලදී. මම එය නැවතත් පවසනවා, ඔවුන් මෙහි පැමිණියේ එම ආරාධනය මතයි.

ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසය අතරතුරදී ඔබේ නාවික හමුදාපතිවරයා විසින් ඉරාන නාවික හමුදාපතිවරයාට සුහද සංචාරයක් (friendly visit) සඳහා මෙම නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවට එවන ලෙස ආරාධනා කළා"

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka