කුවේටය අත්වැරදීමකින් අමෙරිකානු යානා තුනක් බිම හෙළයි
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) මෙහෙයුමට සහය දක්වමින් සිටි ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-15E වර්ගයේ ප්‍රහාරක යානා තුනක් කුවේට් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් එල්ල වූ ප්‍රහාර හමුවේ අත්වැරදීමකින් බිම හෙළා ඇති බව ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිවේදනය කරනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම අනපේක්ෂිත සිදුවීම (Friendly Fire incident) සිදුව ඇත්තේ ඉරාන ගුවන් යානා, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සක්‍රීය සටන් පවතින අවස්ථාවකදී බවයි.
යානාවල සිටි ගුවන් නියමුවන් ඇතුළු හය දෙනාම (06) ආරක්ෂිතව යානාවලින් ඉවත් වී ඇති අතර, ඔවුන් මේ වන විට නිරුපද්‍රිතව සොයාගෙන ඇති බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
කුවේට් ආරක්ෂක අමාත්‍යවරයා ද සඳහන් කර ඇත්තේ අද අලුයම කාලයේදී ඇමෙරිකානු ප්‍රහාරක යානා කිහිපයක් කඩා වැටී ඇති බවයි.
එමෙන්ම, කුවේට් රජය මෙම සිදුවීම පිළිගෙන ඇති අතර, සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන ඇමෙරිකානු මධ්‍යම විධානය මගින් ආරම්භ කර තිබෙනවා.
මූලාශය | CNN / U.S. Central Command
කුවේටය අත්වැරදීමකින් අමෙරිකානු යානා තුනක් බිම හෙළයි
2026-03-02T19:47:00+05:30
Gossip Lanka Hot News







