gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගාස්තු වැඩි කරන තෙක් පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට.. ගාස්තු අවම 15%කින් ඉහලට.. තීන්දුව තව ටිකකින්..

ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව පෞද්ගලික බස් ගාස්තු අවම වශයෙන් සියයට 15කින් පමණ ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. නව බස් ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව සහ දුර සේවා ගාස්තු ප්‍රමාණයන් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගත්තද, ඉහළ යන මෙහෙයුම් පිරිවැය හමුවේ ගාස්තු සංශෝධනයකින් තොරව සේවාව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මේ වන විටත් පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත්, සහනදායී පියවරක් නොගතහොත් ප්‍රවාහන සේවාව දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවත් සභාපතිවරයා අනතුරු ඇඟවීය.

බස් ගාස්තු වැඩි කරන තුරු පෞද්ගලික බස් රථ 90%ක් පමණ අද දිනයේදී ධාවනයෙන් ඉවත් වන බවත් විජේරත්න මහතා පැවසීය.

ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 79කින් ඉහළ දැමීමට පියවර ගත් අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 382කි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව නව බස් ගාස්තු ව්‍යුහය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවයි.

එම සංශෝධිත ගාස්තු සම්බන්ධයෙන් මේ වන විට අවසන් තීරණ ගනිමින් පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

ඩීසල් මිල ඉහළ ගිය වහාම බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මුලදී පියවර ගෙන නොතිබුණද, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka