gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එදා හෝඩි පොතේ සල් ගස යට නයනා අද ගුරුවරියක්... අමර බස් කොන්දොස්තර කෙනෙක් - ඇමති සෙනෙවි

අධ්‍යාපන පද්ධතියේ සිදුවිය යුතු පරිවර්තනය කිසිසේත් නතර නොකරන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමැති සූර්යයා තමන් අනිවාර්යයෙන්ම උදා කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

මෑතකදී හෝඩි පොතක පින්තූර කිහිපයක විස්තර කැප්ෂන් මාරු වීම වැනි සුළු සිදුවීම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නතර කිරීමට හේතුවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 

අතීත හෝඩි පොත්වල අපට හමු වූ නයනා සහ අමර වැනි චරිත ඇසුරින් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ ඇති පරතරය පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ විස්තරයක් කළේය.

එදා හෝඩි පොතේ සිටි නයනා අද වන විට ගුරුවරියක වී බස් රථයකින් පාසලට යන බවත්, එහිදී ඇයට මුණගැසෙන කොන්දොස්තරවරයා එදා ඇය සමඟ සල් ගස මුලදී හමු වූ අමර බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

එදා සල් මල් කඩන්නට ගොස් වැටීමෙන් නළලේ ඇති වූ කැලල මගින් නයනා එම සහෝදරයාව හඳුනා ගන්නා ආකාරයත්, තවත් පිරිසක් මහ බැංකුව වැනි තැන්වල සිදුවූ අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇති ආකාරයත් ඔහු උදාහරණ ලෙස දැක්වීය.

අධ්‍යාපනය විසින් දායාද කර ඇති මෙම සමාජීය පරතරය සහ අධ්‍යාපන පද්ධතියේ ඇති වී තිබෙන "පිලල" නිවැරදිව හඳුනාගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

කොතරම් බාධක පැමිණියත් අධ්‍යාපන පරිවර්තනය සිදු කරන බවත්, අතීතයේ මතකයන් සමඟ වර්තමාන අධ්‍යාපනය නව මාවතකට යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka