gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනී පෙට්ටියට සයිස් එක අසමින් ලොක්කෙක් සන්ධ්‍යාට අමතයි

මිනී පෙට්ටියක් සෑදීමට ශරීරයේ දිග, පළල අවශ්‍ය බව කියමින් විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු දුරකථන ඇමැතුමක් මඟින් තර්ජනය කළ බවට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියට පැමිණිලි කර තිබේ.

මෙම ඇමැතුම හේතුවෙන් තමාගේ ජීවිතය අනාරක්ෂිත වී ඇතැයි පවසන සන්ධ්‍යා  එක්නැලිගොඩ මහත්මිය කඩිනම් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරන ලෙසත් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

එසේම ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් මඟින් දැනුම්දී තිබේ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

ජනවාරි 16 වැනිදා සවස 3.00ට පමණ නිර්නාමික ඇමැතුමක් මඟින් මෙම තර්ජනය එල්ල වූ බවත් පසුව කළ සොයා බැලීමකදී  ඇමැතුම ලැබුණු දුරකථන අංකය ලියාපදිංචි කර නැතැයි අනාවරණය වූ බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවැසුවාය. වැඩිදුරටත් ඇය මෙසේද කීවාය.

“මිනී පෙට්ටියක් හදන්න මගෙන් දිග, පළල ඉල්ලුවාම එක වරම මම තිගැස්මකට ලක්වුණා. මේ පුද්ගලයා කියන්නේ මොකද්ද කියලා කල්පනා කළා. පෙට්ටියක් හදන්න මිනුම් ඉල්ලමින් ඔහු කියන දේවල් මම ටික වෙලාවක් අහගෙන හිටියා. මම හිතුවේ වඩුබාස් කෙනෙක්ගෙන් වැරැදිලා ආපු කෝල් එකක් කියලා. ඒ ගැන මම දිගින් දිගටම අහනකොට උඹේ දිග – පළල තමයි ඉල්ලුවෙ කිව්වා. මම ආපහු ඇහුවා මොකේ දිග, පළලද කියලා. උඹේ දිග, පළල දියන් උඹේ මිනී පෙට්ටිය හදන්න කියලා එම පුද්ගලයා කිව්වා. මට තර්ජනය කරමින් ආපු ඒ ඇමැතුමේ රෙකෝඩින් එක සාක්ෂියක් විදිහට පැමිණිල්ල කරද්දී භාර දුන්නා. කෝල් එක ආවේ රෙජිස්ටර් නැති අංකයකින් බව පසුව ආරංචි වුණා. ඒ විදිහේ රෙජිස්ටර් නැති දුරකථන අංක තවමත් භාවිත වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවිතවලට ලොකු තර්ජනයක් එල්ල වෙලා. ඇමැතුම දුන් කෙනා කිව්වා ඔහු රිටයර් බිග්‍රේඩියර් කෙනෙක් කියලා. ලියාපදිංචි නැති දුරකථන අංක හමුදා සාමාජිකයන් භාවිත කරන්නේ කොහොමද කියන එක ගැටලුවක්.”

අමිත් මධුරංග ගමගේ
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka