gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අතුකොර්ල ඝාතකයන්ට දඬුවම් ලැබුනාට ඊට පෙළඹවූ අය අද ජනාධිපති පුටුවල, ඇමති පුටුවල, පාර්ලිමේන්තුවේ ඉන්නවා - සාගර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරයා ඝාතනය කරනු ලැබුවේ ඔහු දැරූ දේශපාලන මතය පදනම් කරගෙන මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බවයි.
 
එමෙන්ම එම අවස්ථාවේදී සිය රාජකාරිය ඉටු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරියාද ඝාතනයට ලක් වූ බව ඔහු සිහිපත් කළේය.

මෙම ඝාතනය සිදුකළ තරුණයන්ගේ අනාගතය අද වන විට විනාශ වී ඇති බවත්, ඔවුන්ව මෙවැනි සාහසික අපරාධයකට මෙහෙයවූ සහ ඔවුන්ගේ සිත් තුළ වෛරය වැපිරවූ නායකයින් අදටත් නිදැල්ලේ සිටීම බරපතළ ගැටලුවක් බව මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

අහිංසක මිනිසුන් පාරේ ගසා මරා දැමීමට තරම් වෛරයක් වැපිරවූ එම පිරිස් අද වන විට රටේ ජනාධිපති පුටුවල, ඇමති පුටුවල සහ පාර්ලිමේන්තුවේ වාඩි වී සිටින බවට ඔහු චෝදනා කළේය.

විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ එම නායකයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයක් යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් මහතා මෙහිදී අවධාරණය කළේය. 

මෙවැනි පුද්ගලයින් පාලන බලයේ සිටින වටපිටාවක වුවද, අධිකරණය විසින් මෙවැනි තීන්දුවක් ලබා දීමට ශක්තිමත් වීම පිළිබඳව තමන් හිස නමා ස්තූතිය පුද කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka