gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇස් රෝහලේ වර්ජනයට නායකත්වය දුන්නැයි වෛද්‍ය ප්‍රසාද් ළමා රෝහලට මාරු කරයි

හදිසියේම කොළඹ අක්ෂි රෝහලේ වැඩ වර්ජනයක් දියත් කිරීමට නායකත්වය දුන් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ළමා රෝහලට මාරු කර යවා ඇත.

වාර්ෂික මාරුවීම් යටතේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මෙසේ මාරුකර යවා තිබේ.


ඉකුත් ජනවාරි මස 22 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හදිසියේම පැය 24ක එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර, එම වර්ජනයට හේතු වූයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඇතුළු වෛද්‍යවරු හතර දෙනෙක් වෙනත් රෝහල්වලට මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමත් සමග යැයි අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙක් මෙන්ම එම සංගමයේ ශාඛා සමිතියක ප්‍රධානියකු බව කියන මෙම වෛද්‍යවරයා 2013 සිට වසර 12ක පමණ කාලයක් ජාතික අක්ෂි රෝහලෙන් අතිකාල ලබාගෙන ඇතැයි රෝහල් වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉකුත් දා මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කරනු ලැබීය.

තවත් වෛද්‍ය මාරුවීම් පොකුරක්!

මේ අතර, කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු දහඅට දෙනෙකු රජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත වෙනත් රෝහල්වලට මාරුකර යැවූ බව රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍යට පවසා තිබේ.

අක්ෂි රෝහලේ වෛද්‍යවරු 18ක් වෙනත් රෝහල් වෙත මාරුකර යැවීමට සමගාමීව වෙනත් රෝහල්වල සිටින වෛද්‍යවරුන් අක්ෂිරෝහලට මාරුවීම් ලබා ඇතැයිද වැඩබලන අධ්‍යක්ෂවරයා කියා සිටී.


අක්ෂි රෝහලේ සේවය කරන වෛද්‍යවරු 50ක් වෙනත් රෝහල් වෙත මාරු කර යවන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද වෘත්තීය සමිතියකට අවශ්‍ය පරිදි මාරුවීම් කිරීමට නෛතික පදනමක් නැතැයිද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලට අනුයුක්ත කරන වෛද්‍යවරුන්ගෙන් සියයට 70ක්ම කලින් එම රෝහලේ සේවය කළ අය බවද රෝහලේ වෛද්‍යවරුන් දහඅට දෙනකු එක් සතියක් තුළ වෙනත් රෝහල් වෙත මාරු වී ගියත්, රෝහලේ කටයුතුවලට එයින් බලපෑමක් නැතැයිද වැඩබලන අධ්‍යක්ෂවරයා කියා සිටී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka