gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එල්ලුම් ගහ නියමවූ අමරකීර්ති ඝාතකයෝ ජනාධිපති සමාව ඉල්ලන්න යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පසුගිය අරගල සමයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දොළොස් දෙනෙකු ජනාධිපති සමාව ඉල්ලීමට පෙර එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ගම්පහ මහාධිකරණය මගින් ඊයේ (11) මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, වරදකරුවන් වූවන්ගේ ඥාතීන් ජනාධිපති සමාවක් ලබා ගැනීම හෝ  ඉදිරි පියවර පිළිබඳව කරුණු තම නීතිඥවරුන්ගෙන් විමසා ඇත. 

එහිදී නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති සමාව සඳහා ඉල්ලුම් කිරීමට පෙර පවතින නීතිමය අවස්ථාව වන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීම බවයි.

ජනාධිපති සමාවක් ඉල්ලා සිටීම ඊළග පියවරක් ලෙස සුදුසු බවත් නීතීඥයන් පෙන්වා දී ඇත.

ඒ අනුව, පළමු පියවර ලෙස නුදුරේදීම මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්ති පාර්ශ්වය මේ වන විට කටයුතු කරමින් සිටියි.

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර, එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ බෙදුණු තීන්දුවක් වශයෙනි.

විත්තිකරුවන් 37 දෙනෙකු අතුරින් 12 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව තීරණය වූ අතර, ඔවුන්ට මරණ දඬුවම නියම විය.

ඉදිරිපත් වූ සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් 25 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල පියවර ගත්හ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවයි.

කෙසේ වෙතත්, විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් දෙපළගේ බහුතර එකඟතාවය වූයේ අදාළ විත්තිකරුවන් 12 දෙනා වරදකරුවන් බවයි.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයකදී ක්‍රියාත්මක වන පරිදි විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළ අධිකරණය, එතෙක් ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka