gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි වලට අසීමිතව බොරු කියලා ඒ බොරු ඇත්ත කරන්න සාක්කි මදි කියනවා... ඩුබායි මැරියට් හෝටලේ කෝ - නාමල් රාජපක්ෂ

විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින්, රටේ සංස්කෘතිය විනාශ කර ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත ප්‍රතිපත්ති තීන්දු ගනිමින් මැතිවරණ ජයග්‍රහණය කළ හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතළ වැරදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.


මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂය සූදානම් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

"අපේ තරුණ සංවිධානය ලෝටස් මූමන්ට් එක හරහා මේ රටේ දේශපාලනික වශයෙන් අපේ කඳවුරත් එක්ක සම්බන්ධ සහ සිවිල් සමාජ එක්ක සම්බන්ධ තරුණ පිරිස් ඒකරාශි කරමින් ඉදිරි කාලසීමාව තුළින් එක පැත්තකින් පක්ෂ ගොඩනැගෙන්නෙ කොහොමද අද සහ ඔවුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු  සහ අවශ්‍යතාවයන් මේ රට ගොඩනගන්නෙ කොහොමද කියන ආකාරය පිළිබඳව අධ්‍යනයක් කරනවා. ඒ වගේම අපි දේශපාලනික වශයෙන් පෙළගැහෙන්න ලෝටස් මූමන්ට් එකේ එක අදියරක විශාල පිරිසක් සම්බන්ධ වෙනවා ඉතින් ඒ අයගෙ අදහස් අපි හුවමාරු කර ගන්නවා.

දැන් ඔය ලිපිගොනු ගැන අහන්න ඕනේ  යහපාලන ආණ්ඩුව වෙලාවෙ  සල්ලි අරන් බොරු කිව්වේ ඒ බොරු කියන්න ලියලා දීපු අයගෙන් තමයිඉස්සරම අහන්න ඕන.මොකද  දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා ජේවීපී එකට සමහර සිවිල් සංවිධානවලටයි සල්ලි දුන්නා රාජපක්ෂලාට මඩ ගහන්න කියලා.

හැබැයි ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි වීඩියෝ දාපු අය හිටියනේ. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕන.සහ අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ  බලයට පැමිණීම සහ ඔවුන්ගේ ආණ්ඩුවක් හදනකන් මේ පරීක්ෂණ කටයුතු වලට සාධාරණයක් කරන්න.ඒ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඕන කියල.ඒ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕන.

අර කැබ් එක මතකයිනේ,ඒක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. ඉතින් කැබ් එක එලවපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මොකක්ද ෆයිල් වලට උනේ කියලා.තමන් සල්ලි වලට බොරු කියලා  ඒ බොරු ඇත්ත කරන්න මේ රටේ පොලිසිය පාවිච්චි කරනවා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ හිටපු ලේකම් අද පොලිස් ඇමති කරලා. 

උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන ඒ පොලිස්පතිවරයාට තමන්ගේම බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරිනකොට දැන් එක එක ඒවා මිසින් කියනවා.

මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන්නකෝ මහා සංඝරත්නයට සලකන විදිය, ත්‍රිකුණාමලය ස්වාමීන්වහන්සේ බුදුපිළිම තැන්පත් කිරීම සම්බන්ධව එක වෙලාවක කිව්වා බුදු පිළිමය ආරක්ෂා කරන්න පොලිසියට වැඩමෙව්වා කියලා, බුදුපිළිමය ආරක්ෂා කරන්න ආපුු හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා.

මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා තව පැත්තකින් ආගමික නායකයන්ට අපහාස කරනවා දේශපාලන පක්ෂ විවේචනය කරනවා.ඒ ඔක්කොම බැරිවෙලා ෆේල් වේගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල්වල මේක නැහැ කියලා අරක නැහැ කියලා නහයෙන් අඩනවා.ඉතින් අර ජනාධිපතිතුමා කෙදිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටමයටම තමයි.

අපි ප්‍රශ්නවලටම බය නෑ.මොකද ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් අපි ප්‍රශ්නවලින් අයින් වෙන අය නෙවෙයි.

මේ රටේ තරුණ පරම්පරාවට අසීමිත විදියට බොරු කියලා රවට්ටලා තමයි පහුගිය ආණ්ඩුව බලයට ආවේ. ඒ තරුණයන් එක්ක සාකච්ඡා කරලා අපේ අදහස් හුවමාරු කර ගැනීම අප සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ තරුණයන්,වැඩිහිටියන් සහ මේ රටේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න. බොරු කියපුව දැන් එකින් එක අහුවෙනව. ඒ අහුවෙනකොට තමයි ආණ්ඩුවේ අය කෙදිරි ගාන්නේ සමහර වෙලාවට.

ආණ්ඩුව හිතනවනම් විපක්ෂය මර්ධනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලාමේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාව ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දුව තීරණය අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒක ආණ්ඩුව වැරදි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ අපිට බැන බැන ඉන්නැතුව අර ප්‍රාදේ.සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන"
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka