gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩඩ්ලිලා, රත්නලා ජෙට් ගේන්නේ අසාධාරණ මුදල්වලින් යයි කියන්න බෑ... වී මිල ප‍්‍රශ්ණය විසදන්න තව අවුරුදු දෙකක්වත් යනවා - ඇමති ලාල්කාන්ත

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තෙත වී මිලදී ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් වී ගොවියා මුහුණ දී ඇති ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීමට තව වසරක් හෝ දෙකක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී අලෙවි මණ්ඩලයේ දැනට පවතින ගබඩා ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අතර, දීර්ඝ කාලයක් වී ගබඩා කර තැබිය හැකි සෛලෝ පහසුකම් රජය සතු නොවන බවයි. 

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ගොවීන්ට වී වේලා ගැනීමට අපහසු වී ඇති අතර, තෙත වී මිලදී ගැනීමට රජයට හැකියාවක් නොමැති වීම හේතුවෙන් පෞද්ගලික අංශය රුපියල් 75ත් 85ත් වැනි අඩු මිලකට වී මිලදී ගන්නා බව අමාත්‍යවරයා පිළිගත්තේය.

මෙම ගැටලුවට පිළියමක් ලෙස ගොවීන් 20ත් 25ත් අතර කණ්ඩායම් සඳහා වී වේලන යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් රජය සහ බැංකු පද්ධතිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 

එමඟින් ගොවියාට තම නිෂ්පාදනය වේලා ගබඩා කර තබාගෙන වැඩි මිලකට අලෙවි කිරීමේ අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපේ ගෙවල්වල තිබුණු නෑඹිලිය අයින් කළේ ඩඩ්ලිලා, රත්නලා වැනි ව්‍යාපාරිකයන්" බවත්, ඔවුන් නව තාක්ෂණය භාවිත කර ගල් වැලි ඉවත් කළ ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොළට හඳුන්වා දීම හරහා ගෘහණියට පහසුවක් සැලසූ බවත් ඔහු පැවසීය.

ඒ පිළිබඳව ඔවුන්ට ගෞරවයක් හිමිවිය යුතු වුවද, ගොවියාගේ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලට වී මිලදී ගැනීම අසාධාරණ බවත්, ව්‍යාපාරිකයන්ට ඒ සම්බන්ධයෙන් පුරවැසි වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා  අවධාරණය කළේය

මහා පරිමාණ සහල් මෝල් හිමියන් අසාධාරණ ලෙස මුදල් උපයා වාහන ලබාගෙන ඇත්දැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බවයි. 

මෙම ව්‍යාපාරිකයන් විවිධ නිෂ්පාදන ක්‍රියාවලීන්, කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රය වැනි අංශවල විවිධ ආයෝජන සිදුකරන පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේය.

කොළඹින් බැහැරව අනුරාධපුරය සහ පොළොන්නරුව වැනි ප්‍රදේශවල මෙවැනි ව්‍යාපාරිකයන් බිහිවීම පිළිබඳව තමන් සතුටු වන බව පැවසූ අමාත්‍යවරයා, ඔවුන් රටේ සහල් නිෂ්පාදනයට සිදුකළ දායකත්වය ද අගය කළේය. 

"අපේ ගෙවල්වල තිබුණු නෑඹිලිය අයින් කළේ අම්මලා තාත්තලා නෙමෙයි, ඩඩ්ලිලා සහ රත්නලා වැනි ව්‍යාපාරිකයෝ. ඔවුන් නව තාක්ෂණය භාවිත කරමින් ගල් වැලි ඉවත් කළ, ප්‍රමිතියෙන් යුත් සහල් වෙළඳපොළට හඳුන්වා දීම හරහා ගෘහණියට විශාල පහසුවක් සැලසූවා" යැයි ඔහු පැවසීය.

රජය නොව, මෙම ව්‍යාපාරිකයන් විසින් මෙරටට හඳුන්වා දුන් එම තාක්ෂණික කාර්යභාරය වෙනුවෙන් ඔවුන්ට ගෞරවයක් හිමිවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

එහෙත්, එවැනි වගකීම් සහගත ව්‍යාපාරිකයන් ලෙස ගොවියාගේ නිෂ්පාදන වියදමටත් වඩා අඩු මිලකට වී මිලදී ගැනීම බරපතල වැරද්දක් බවත්, පුරවැසියන් ලෙස එවැනි අසාධාරණයක් සිදු නොකිරීමට ඔවුන් වගබලා ගත යුතු බවත් අමාත්‍ය ලාල්කාන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka