රට යන ගමන හොඳ නැහැ… රජය සමාජගත කරන්නේ එක දෙයක්… වෙන්නේ තව දෙයක්…! – මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි
මේ වන විට රට යන ගමන හොඳ නැති බව රටේ සිදුවන දේ තුළින් පැහැදිලි වන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සභාවේ මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි පවසයි.
“මේ රටේ සිදුවන දේ තුළින් අපි කාටත් යමක් පැහැදිලි වෙනවා. ඒ මේ යන ගමන හොඳ නෑ කියන එක. පහුගිය දවසක අපේ ජනාධිපතිතුමා උතුරට ගිහින් ප්‍රකාශයක් කළා. උතුරට බෞද්ධයෝ එන්නේ වෛරය පතුරුවන්න කියලා. එහෙම එකක් තියෙනවාද?
වට වන්දනාව කියලා අපි කියන්නේ. ඒ ගමනේදි නාගදීපෙත් ගිහිල්ලා,කදුරුගොඩ විහාරෙටත් ගිහිල්ලා, නැගෙනහිරටත් ගිහිල්ලා වට වන්දනාවක් යන්නේ. ආගම්වලින් අපි වෛරය වපුරන්නේ නෑ.
අපට බෞද්ධ උරුමයක් උතුරේ තියෙනවා, අපේ රටේ නායකයන්ට උතුරට ගිහිල්ලා කයිවාර ගැහුවා වගේම නරකද නාවක්කුළිය ගමට ගිහින් මිනිස්සුන්ගේ පන්සලේ අඩුපාඩු හොයලා ආව නම්.
මම ළඟදි භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ක තිරිකුණාමලයට ගියා. අපි භික්ෂූන් වහන්සේලා බලන්න හිර ගෙදරට ගියා. භික්ෂූන් වහන්සේලා කිව්වා නඩුවේ ස්වරූපය මේකයි, මෙහෙම වෙන්න යන්නේ, අපි නොකළ වැරදි පිළිගන්න කියනවා ඒකයි මේ නඩුව විසඳෙන්නේ නැත්තේ කියලා.
රජය සහ රජයේ මාධ්‍ය සමාජගත කරන්නේ එකක්. හැබැයි වෙලා තියෙන්නේ, වෙන්නේ තව එකක්. පුංචි බුදු පිළිමයක් නිසා භික්ෂූන් වහන්සේලා මහ දුකක් විඳිනවා. මේ රටේ මොන කෙළවරේ බුදු පිළිමයක් තිබ්බත් ඇති වරද මොකක්ද?”
උත්සව අවස්ථාවක් අමතමින් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි මේ බව කීය.
මේ පුවත තව අයට බලන්න
රට යන ගමන හොඳ නැහැ… රජය සමාජගත කරන්නේ එක දෙයක්… වෙන්නේ තව දෙයක්…! – මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි
2026-02-09T09:38:00+05:30
Gossip Lanka Hot News





