gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සියල්ල ලෑස්තියි! සිංගප්පූරු ගිය කණ්ඩායම එක වැඩක් ගොඩදාගෙන! අනෙක් වැඩේ ෆේල්!

වත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් රටට දුන් ප්‍රධානම පොරොන්දු දෙකෙන් එකක් වූයේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙනවා යැයි කියාය. එහි මහමොළකාරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට බෙල්ලෙන් අල්ලාගෙන එනවා යැයි කියාය.

අනෙක් පොරොන්දුව වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට උපරිම දඬුවම් දෙනවා යැයි කියාය. මෙහිදී පාස්කු මහමොළකරුවන් සම්බන්ධයෙන් කෙසේ වෙතත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නම් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ අප විශේෂ තොරතුරක් හෙළිදරව් කීරීමට සූදානම්ය. ඒ, යම් පරීක්ෂණ කණ්ඩායමක් බැඳුම්කර කොල්ලයේ මහමොළකරු වශයෙන් සැලකෙන අර්ජුන මහේන්ද්‍රන් සමග යම් ගනුදෙනුවක් ආරම්භ කර ඇති බවය. මීට පෙරාතුවද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වරක් තොරතුරු අනාවරණ කරමින් කියා සිටියේ එක්තරා විමර්ශන කණ්ඩායමක් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබූ බවකි.

කෙසේ වෙතත් මෙවර මෙම විමර්ශන කණ්ඩායම සිංගප්පූරුව බලා ගොස් තිබුණේ ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගෙනය. මින් පළමු කරුණ වූයේ අර්ජුන මහේන්ද්‍රන් මුණගැසී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුතුවලට ඔහුගේ සහාය ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමය. අපට ඇති තොරතුරු අනුව මෙම විමර්ශන කණ්ඩායම සහ අර්ජුන මහේන්ද්‍රන් අතර සිංගප්පූරුවේදී රහස් හමුවක් සිදුව තිබේ.

දෙවැනි කරුණ වී තිබුණේ සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් තොරතුරු ලබාගැනීමය. නමුත් මෙම මෙහෙයුම අසාර්ථක වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මන්ද යත් සිංගප්පූරු නීතියට අනුව එවැනි තොරතුරු ලබාදීමක් සිදුකරන්නේ නම් ඊට අදාළ නීතිමය ක්‍රමවේදයක් පැවැතීමය. එසේ නොමැතිව කිසිදු අවස්ථාවක සිංගප්පූරු නීතියට අනුව එරට බැංකු ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු හෙළිදරව් කිරීම නීති විරෝධීය. ඒ අනුව එම මෙහෙයුම අසාර්ථක වී ඇති බවක් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පළමු මෙහෙයුම සාර්ථක වූ නිසාදෝ පසුගිය සතියේ අර්ජුන් මහේන්ද්‍රන් යළිත් වතාවක් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය හමුවේ පෙනී සිටීමට පියවර ගත්තේය. මීට පෙර අර්ජුන මෙසේ සිංගප්පූරුවේ සිට පළමු වරට එළියට පැමිණියේ ලන්ඩනයේ සිටින මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරියගේ ෆේස්බුක් ගිණුම හරහාය. එහිදී උවිඳු අර්ජුන සමග සංවාදයක නිරත වන ඡායාරූපයක් පළමු වරට හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ජනවාරි 01 වැනි දින අර්ජුන මහේන්ද්‍රන් සිය බිරිය සමග අලුත් අවුැද්දට සුබ පතමින් ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව අර්ජුන සිය ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කළ තුන්වැනි අවස්ථාව මෙයය. එමෙන්ම සිය ෆේස්බුක් ගිණුම කලකට පසු යාවත්කාලීන කරමින් සිය හිතවතුන් සමග සිටින විශේෂ ඡායාරූපයක්ද පසුගියදා අර්ජුන ප්‍රසිද්ධියට පත් කළේ හෙට අනිද්දා ඔහු නැවත වතාවක් ප්‍රවෘත්ති මවන්නකු බවට පත්වීමේ ඉඩකඩක් ඇති නිසාදැයි කියන්න දන්නේ නැත.

- mawratanews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka