gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ නම නිසා මැතිසබය උණුසුම් වෙයි - මහින්ද ජයසිංහ සහ අර්චුනා මන්ත්‍රීවරයා අතර වාග් සංග්‍රාමයක්!

"නාමල්ගේ නම කියනකොට මාලිමාවේ අයට චූ යනවා" - අර්චුනාගෙන් සැර ප්‍රතිචාරයක්!

ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදය අතරතුර නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා අතර ඇති වූ වචන හුවමාරුවක් හේතුවෙන් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.

මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් සිටියදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරන විට අර්චුනා මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචාරය හමුවේ, "නාමල් රාජපක්ෂ ගැන කියනකොට අර්චුනා මන්ත්‍රීවරයා චූන් වෙන්නේ ඇයි?" යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට "චූන්" නොයන බවත්, නාමල් රාජපක්ෂගේ නම ඇසෙන විට ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පිරිසට "චූ යන" බවත්ය. එදා ජේ.වී.පී කණ්ඩායම මහින්ද රාජපක්ෂ හමුවීමට ගියේ සෙරෙප්පු දෙක ඔළුවේ තබාගෙන බවට ද ඔහු මෙහිදී උපහාසාත්මක ප්‍රකාශයක් කළේය. මෙම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කිරීම නිසා සභාවේ උණුසුම තවත් වැඩි විය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka