gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැනඩාව මළ ගෙයක් කළ සමූහ ඝාතනය සිදුකළේ 18 හැවිරිදි ලිංගික සංක්‍රාන්තික තරුණියක්…

කැනඩාවේ බ්‍රිටිෂ්  කොලොම්බියා පළාතේ ටම්බ්ලර් රිජ් නගරයේ සිදු වූ සාහසික වෙඩි තැබීමේ අපරාධයට සම්බන්ධ මිනී මරුවා හඳුනාගෙන පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අපරාධය සිදුකරන්නී 18 හැවිරිදි තරුණියකි. නම ජෙසී වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar)  ය.  මෙම   තරුණිය  පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 10) සිය ඝාතන වැල ආරම්භ කරන්නී  තම නිවසේදී සිය 39 හැවිරිදි  මව සහ මවගේ දෙවැනි විවාහයේ දරුවා වූ  11 හැවිරිදි සහෝදරයා ඝාතනය කිරීමෙනි.

අනතුරුව ඇය ටම්බ්ලර් රිජ් ද්විතියික පාසලේ  සිසුන් පස් දෙනෙකු සහ ගුරුවරියක ඇතුළුව තවත් හය දෙනෙකු ඝාතනය කරනු ලැබුවාය. මෙම සිදුවීමෙන් මුළු මරණ සංඛ්‍යාව 8ක් වන අතර, තුවාල ලැබූවන් 25කට වැඩි පිරිසක් වාර්තා වී ඇත. අනතුරුව ජෙසී වෑන් රූට් තමන්මට වෙඩි තබාගෙන මිය ගොස් තිබිණි.

ජෙසී වෑන් රූට්සෙලාර් කවුද?
මේ මහා අපරාධය කළ තරුණිය වූ ජෙසී වෑන් රූට්සෙලාර් 2007 අගෝස්තු 4 වැනිදා උපත ලැබුවාය. ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙකු ලෙස උපත ලබා ඇත. නමුත්  වසර හයකට පමණ පෙර ලිංගික සංක්‍රාන්තියකින් ස්ත්‍රී භාවයට පත්  වී ඇති බව  රෝයල් කැනේඩියානු මවුන්ටඩ් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ඩ්වේන් මැක්ඩොනල්ඩ් ප්‍රකාශ කර තිබේ.

ටම්බ්ලර් රිජ් නගරයේ පදිංචිකාරියක වූ ජෙසී   වයස අවුරුදු 14දී පමණ පාසලෙන් ඉවත් වී ඇත. පොලිසියට අනුව, ඇයගේ නිවසට මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කිහිප වතාවක්ම පොලිස් නිලධාරීන් ගොස් තිබේ.

ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය –
සැකකරු ජෙසී වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar) ගේ මානසික සෞඛ්‍ය ඉතිහාසය පිළිබඳව තහවුරු වී ඇති තොරතුරු, බ්‍රිටිෂ්  කොලොම්බියා පොලිසිය (RCMP) විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි. .

බ්‍රිටිෂ් කොලොම්බියා පොලිසියේ  නියෝජ්‍ය කොමසාරිස්  ඩ්වේන් මැක්ඩොනල්ඩ් (Dwayne McDonald) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, සැකකාරියගේ  නිවසට  පසුගිය වසර කිහිපය තුළ බහුවිධ අවස්ථාවලදී පොලිස් නිලධාරීන් ගොස් ඇති බවය. ඒ සෑම අවස්ථාවකම  ඇමතුම් ලැබී තිබුණේ  මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්   බව ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් සලකුණු කළ යුතු වන්නේ සැකකාරිය   කැනඩාවේ මානසික සෞඛ්‍ය පනත (Mental Health Act) යටතේ කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන රෝහල්වලට ගෙන ගොස් තක්සේරු කිරීම් සහ පසු විපරම් සිදු කර ඇති බවය.

වසර කිහිපයකට පෙර එක අවස්ථාවකදී  නිවසෙන් තුවක්කු අත්අඩංගුවට ගෙන තිබූ බවත්, පසුව ඒවා නැවත ලබා දී ඇති බවත්  පොලිසිය පවසයි.

පසුගිය වසරේ (2025 වසරේ) පොලිසිය අවසන් වරට නිවසට ගොස් ඇති අතර එයත්  මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වූ බව පොලිසිය පවසයි. සැකකාරිය  සක්‍රීයව මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගෙන සිටියේද යන්න පොලිසිය නිශ්චිතව තවමත් තහවුරු කරගෙන නැත.

සමහර වාර්තාවලට අනුව සැකකාරියට  ස්වයං හානි (self-harm) සම්බන්ධ ගැටලු ද තිබූ බව සඳහන් වේ. එසේම, පවුලේ මිතුරන් සහ ඥාතීන්ගේ ප්‍රකාශවලට අනුව, පසුගිය වසර කිහිපය තුළ මානසික අස්ථාවරත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ගැටලු ද තිබූ බවත්, එක අවස්ථාවකදී ඇඳක් ගිනි තැබීම  වැනි සිදුවීමක් සිදු වූ බවත් සඳහන් වේ.

සැකකරුගේ විස්තරාත්මක රෝග විනිශ්චය (diagnosis) හෝ නිශ්චිත මානසික රෝග   පිළිබඳව පොලිසිය විසින් තවමත් විස්තරාත්මකව හෙළි කර නොමැත.  බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රධානී ඩේවිඩ් ඊබි (David Eby) පවසා ඇත්තේ, සැකකරුගේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ඉතිහාසය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇය නිවස තුළ ඇයගේ සුළු පියාගෙන් හෝ සිය මවගෙන්  පීඩනයට පත් වූ බවත් කිසිම අවස්ථාවක වාර්තා වී නැත. ඇයගේ ජීව විද්‍යාත්මක පියා සම්බන්ධව ද හෙළිදරවුවීමක්  තවමත් සිදුවී නැත.

සමාජ සංවාදය
මෙම වෙඩි තැබීම කැනඩාවේ මෑත කාලීන ඉතිහාසයේ මාරාන්තිකම පාසල් වෙඩි තැබීම  ලෙස සැලකේ.    බ්‍රිටිෂ් කොලොම්බියා පළාත් ප්‍රධානී ඩේවිඩ් ඊබි එය බිහිසුණු ඛේදවාචකයක්  ලෙස විස්තර කර ඇත.

සැකකාරියගේ  චේතනාව තවමත් පරීක්ෂණයකින් තහවුරු වී නොමැති අතර, පොලිසිය විසින් මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට උත්සාහ දරමින් සිටී.

මෙම සිදුවීම මානසික සෞඛ්‍ය සේවාවන්ගේ හිඟකම සහ තුවක්කු පාලනය පිළිබඳ කැනඩාව තුළ නැවතත් සංවාදයක් ඇති කර තිබේ.  පරීක්ෂණ තවදුරටත් ගමන් කරමින් පවතී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka