gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිට්වා අසරණ පවුල්ම ඩැහැගෙන

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල් වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එම පවුල් සුළි කුනාටුව පැමිණීමට පෙර සිටම ස්ථිර ආදායමක් නොමැතිකම, ඉහළ ණය බර සහ තවත් ආපදාවකින් පීඩාවිඳීමට නොහැකිකමින් පෙළී ඇතැයි එහි දැක්වේ.

එම ප්‍රජාවන් දිට්වා සුළි කුණාටුවෙන්  සිදුවූ හානියෙන් පසුව සිය ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට යාමේදී අනෙක් පුද්ගලයන්ට වඩා අසීරුතාවලට මුහුණ දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පැවසුවේය.

ඒ හේතුවෙන් හදිසි සහාය සැපයීමේ දී ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් එම සහාය සැපයීමට රජය කටයුතු කළ යුතු බවත් ප්‍රථමයෙන් දැඩි අවදානමට ලක්වූ පවුල් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවලට සහාය හිමිවිය යුතු බවත් සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් මෙරට ඉඩම් හෙක්ටයාර ලක්ෂ 11 ක් ජලයෙන් යට වී ඇති බවත් එයා ශ්‍රී ලංකා භූමියෙන් පහෙන් එකක් බවත් එම වැඩසටහන පැවසුවේ ය.

(විමුක්ති එස් රුද්‍රිගු)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka