වෙන ගමනක් යන්න හිටි මා සම්බෝධි විහාරයට ගියේ ඉහළින් ලැබුණු පණිවුඩයක් අනුවයි..- ත‍්‍රි’මලේ SSP
" මම කළේ රාජකාරිය. මොනවා වුණත් මෙම ආරාවුල දුරදිග යෑමට පොලිසිය ඉඩ තැබුවේ නෑ" යැයි ත්‍රිකුණාමලය බෝධි රාජ විහාරයේ සිද්ධියට මුල් වූ ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. එස්. චන්ද්‍රපාල මහතා දිවයින'ට පැවසීය.
මෙම බුදුපිළිමය ඉවත් කර පසුව යළිත් එම ස්ථානයට වැඩම කරවූ බව කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රශ්නය සන්සුන්ව විසඳුණු බවද කීය.
ඒ මහතා මෙසේද පැවසීය.
සමහරු ප්‍රශ්න කරනවා රාජකාරිය වශයෙන් කළ. මෙම දැනුම්දීම සඳහා සිවිල් ඇඳුමෙන් ගියේ ඇයි කියා. ඔබ කවුද කියා හිමිනමක් මගෙන් ඇහුවා. ඒ සමහරවිට උන්වහන්සේ මා හඳුනා ගෙන නොසිටි නිසා විය හැකියි.
පන්සලට යෑමට පෙර මම සිවිල් ඇඳුමෙන් සැරසී සිටියේ උත්සවයට යෑමටයි. ඉහළින් ලැබුණු පණිවුඩයකට අනුව ඒ මොහොතේම මට මේ විහාරයට යන්න සිද්ධ වුණා.
සිද්ධියෙන් පසු මෙම විහාරයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.
නෝමන් පලිභ වඩන
Divaina
SSP Trincomalee Division
වෙන ගමනක් යන්න හිටි මා සම්බෝධි විහාරයට ගියේ ඉහළින් ලැබුණු පණිවුඩයක් අනුවයි..- ත‍්‍රි’මලේ SSP
2025-11-19T14:58:00+05:30
Gossip Lanka Hot News





