gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වෙන ගමනක් යන්න හිටි මා සම්බෝධි විහාරයට ගියේ ඉහළින් ලැබුණු පණිවුඩයක් අනුවයි..- ත‍්‍රි’මලේ SSP

SSP Trincomalee Division
" මම කළේ රාජකාරිය. මොනවා වුණත් මෙම ආරාවුල දුරදිග යෑමට පොලිසිය ඉඩ තැබුවේ නෑ" යැයි ත්‍රිකුණාමලය බෝධි රාජ විහාරයේ සිද්ධියට මුල් වූ ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. එස්. චන්ද්‍රපාල මහතා දිවයින'ට පැවසීය.

මෙම බුදුපිළිමය ඉවත් කර පසුව යළිත් එම ස්ථානයට වැඩම කරවූ බව කී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රශ්නය සන්සුන්ව විසඳුණු බවද කීය.

ඒ මහතා මෙසේද පැවසීය.

සමහරු ප්‍රශ්න කරනවා රාජකාරිය වශයෙන් කළ. මෙම දැනුම්දීම සඳහා සිවිල් ඇඳුමෙන් ගියේ ඇයි කියා. ඔබ කවුද කියා හිමිනමක් මගෙන් ඇහුවා. ඒ සමහරවිට උන්වහන්සේ මා හඳුනා ගෙන නොසිටි නිසා විය හැකියි.

පන්සලට යෑමට පෙර මම සිවිල් ඇඳුමෙන් සැරසී සිටියේ උත්සවයට යෑමටයි. ඉහළින් ලැබුණු පණිවුඩයකට අනුව ඒ මොහොතේම මට මේ විහාරයට යන්න සිද්ධ වුණා.

සිද්ධියෙන් පසු මෙම විහාරයට දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා.

නෝමන් පලිභ වඩන
Divaina

SSP Trincomalee Division
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka